ආර්ජන්ටිනාව ලෝක කුසලාන පාපන්දු අවසන් මහා සටනට!

ආර්ජන්ටිනාව ලෝක කුසලාන පාපන්දු අවසන් මහා සටනට!

ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.

ඊයේ (13) පැවති අවසන් පූර්ව තරගයේදී ක්‍රොඒෂියා කණ්ඩායම ගෝල 3-0ක් ලෙස පරාජයට පත් විය.

එහිදී ආජන්ටිනාව වෙනුවෙන් තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී සමත් විය.

තරගයේ 34 වැනි මිනිත්තුවේදී මෙසී දඬුවම් පහරක් ලබා ගනිමින් ගෝලයක් වාර්තා කළේය.

අනතුරුව ආර්ජන්ටිනාව වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කළේ ජූලියන් අල්වාරෙස් විසිනි.

ඔහු එම විශිෂ්ට ගෝලය වාර්තා කළේ තරගයේ 39 වැනි මිනිත්තුවේදී ක්‍රොඒෂියා පන්දු රකින්නා සම්පූර්ණයෙන්ම අභිබවා යමිනි.

ඒ අනුව පළමු අර්ධය නිමා වන විට ගෝල 2-0ක් ලෙස ආර්ජන්ටිනාව ඉදිරියෙන් සිටියේය.

තරගයේ දෙවැනි භාගයේදී නැවතත් ක්‍රොඒෂියා ක්‍රීඩකයන් මවිතයට පත් කළ මෙසී පන්දුව ගෝල දැල ආසන්නයටම අරන්  ගියේය.

ජූලියන් අල්වාරෙස් වෙනුවෙන් සිය දෙවැනි ගෝලය තරගයේ 69 වැනි මිනිත්තුවේදී ඔහු ආර්ජන්ටිනාව වෙනුවෙන් තෙවැනි ගෝලය වාර්තා කළේය.

Share this: