යාපනයෙන් මිලියන 11ක කේරළ ගංජා සොයා ගැනේ

යාපනයෙන් මිලියන 11ක කේරළ ගංජා සොයා ගැනේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනය මාමුනේ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 11 ක කේරළ ගංජා කිලෝග්‍රෑම් 35 කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේනි නාවික විධානය විසින් ජුලි 19 වන දින මාමුනේ ප්‍රදේශයේ මෙම මෙහෙයුම සිදු කරන ලද අතර, එම ප්‍රදේශයේ මාර්ගයක් අයිනේ දමා ගොස් තිබූ පැකේජ 18ක් නාවික පුද්ගලයින් විසින් සෝදිසි කිරීමේදී කිලෝග්‍රෑම් 35 යි ග්‍රෑම් 900 ක් සොයා ගන්නා ලදී.

ඒ අනුව එම මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදා භාරයේ තබා ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share this: