photostory

හොඳින් පිසින ලද මාළු වලින් කොරෝනා අසාදනය වනවාද?

හොඳින් පිසින ලද මාළු වලින් කොරෝනා අසාදනය වනවාද?

හොඳින් පිසින ලද මාළු වලින් කොරෝනා අසාදනය වන බවට කිසිඳු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත කරමින් බවසනවා. මේ වනවිට ඒ පිළිබඳව පැතිර යන සියලු ප්‍රචාර අසත්‍ය බව එම නිවේදනයේ සඳහන්.

කොරෝනා නිසා ගාල්ල තැපැල් කාර්යාලයද වැසේ

කොරෝනා නිසා ගාල්ල තැපැල් කාර්යාලයද වැසේ

ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයට කොවිඩ් රෝගියෙක් පැමිණ ඇතැයි ලැබුන තොරතුරක් මත මේ වනවිට තාවකාලිකවවසා දමා තිබෙනවා. අද (23) උදෑසන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමා තැපැල් කාර්යාලය විෂබීජහරණය කිරීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතින අතර සෞඛ්‍ය උපදෙස් අනුව කාර්යාලයේ කටයුතු නැවත ආරම්භ කරන බව ද කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

පැන ගිය ආසාදිතයා සොයා ගනී

පැන ගිය ආසාදිතයා සොයා ගනී

කොස්ගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදනය වූ රෝගියෙකු එම රෝහලෙන් අද උදෑසන පැන ගොස් තිබුණා. කෙසේ වෙතත් මිට ටික වෙලාවකට පෙර ඔහුව බොරැල්ල ප්‍රදේශයෙන් පොලීසිය සොයා ගෙන තිබෙනවා.

ගෙවීගිය සතියේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට පැමිණි යට විශේෂ නිවේදනයක්

ගෙවීගිය සතියේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට පැමිණි යට විශේෂ නිවේදනයක්

ගතවූ සතිය තුළ යම් අයෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ට පැමිණියේ නම් වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා හමුවී දැනුවත් කරන ලෙස යුධහමුදාපති වරයා දැනුම් දෙනවා.

කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර සඳහා සහනයක්

කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර සඳහා සහනයක්

2020 ජුලි 01 සිට 2020 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර වල වලංගු කාලය මාස 03 කින් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව බලපත්‍රය කල්ඉකුත්වන දිනයේ සිට මාස තුනක් එම දීර්ඝ කර ඇති බව සඳහන්.

කොළඹ නගරයේ ප්‍රදේශ 05 කට ඇඳිරිනීතිය

කොළඹ නගරයේ ප්‍රදේශ 05 කට ඇඳිරිනීතිය

මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, ග්‍රෑන්ඩ්පාස්, වැල්ලම්පිටිය යන යන ප්‍රදේශවලට නැවත දැනුම්දෙනතුරු ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

මිනුවන්ගොඩ පොකුරේ තවත් 57ක්

මිනුවන්ගොඩ පොකුරේ තවත් 57ක්

මිනුවන්ගොඩ හා ඒ ආශ්‍රිත පොකුරේ නව ආසාදිතයන් 57ක් වාර්තා වූ බව හමුදාපතිවරයා සඳහන් කරනවා. ඒ අනුව එක් අයෙකු මිනුවන්ගොඩ ඇඟලුම්හලේ වන අතර අනෙක් සියලු දෙනා එහි ආශ්‍රිතයින් වනවා. මේ අනුව අද වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 166ක් දක්වා ඉහළ යනවා.

ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු ඇඳිරිනීතිය ඇති ප්‍රදේශවල විභාග පැවැත්වීම ගැන නිවේදනයක්

ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු ඇඳිරිනීතිය ඇති ප්‍රදේශවල විභාග පැවැත්වීම ගැන නිවේදනයක්

ඇඳිරිනීතිය යොදා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ මෙවර උසස් පෙළ විභාග කටයුතු හා 5 ශිෂ්‍යත්ව විභායේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවේ සිටින ගුරුවරුන්ට ඒ සඳහා ලබා දී ඇති පත්වීම් ලිපිය හා තම ජාතික හැඳුනුම්පත ඇඳිරිනීති ප්‍රවේශපත්‍රයක් ලෙස භාවිත කරමින් ගමන් කිරීමට අවස්ථාව දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම විභාග අපේක්ෂකයන් හට තම ජාතික හැඳුනුම්පත හා විභාග ප්‍රවේශපත්‍රය […]

අගලවත්තේ ප්‍රදේශ 4ක් හා බෙල්ලන ලොක්ඩවුන්

අගලවත්තේ ප්‍රදේශ 4ක් හා බෙල්ලන ලොක්ඩවුන්

ගොරක්ගොඩ,වේරගම,දාපිලිගොඩ,කැකුලන්දල උතුර යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබෙනවා. පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෙල්ලන ප්‍රදේශයද හුදෙකලා කර ඇති බව නිවේදනයේ සඳහන්.