Buddhism

පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ධර්ම සංගායනාවක්

පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ධර්ම සංගායනාවක්

ධර්මධර විනයධර උගත් භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ධර්ම සංගායනාවක් පවත්වන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාල‍යක් ස්ථාපනය කර බෞද්ධ ශිෂ්ටාචාරයේ කේන්ද්‍රස්ථානය බවට මාතෘ භූමිය පත් කරන බව පැවැසූ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පාලි භාෂාව අභාවයට යන්නට ඉඩ නොදී තරුණ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පාලි භාෂාවෙන් […]

ඒරාෂ්ඨක අනතුරු මාරක අපල සඳහා බෝධි පූජාවේ ගුණ ලබාගන්නා ආකාරය දැනගනිමු

ඒරාෂ්ඨක අනතුරු මාරක අපල සඳහා බෝධි පූජාවේ ගුණ ලබාගන්නා ආකාරය දැනගනිමු

අප මහා භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරින් වෙනත් ප‍්‍රදේශයකට වැඩි අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේගේ නාමයෙන් බෝධීන් වහන්සේ නමක් වැඩ හිඳුවා බුදුරජාණන් වහන්සේ වෙනුවට වන්දනාමානකරන ලෙස ආනන්ද හාමුදුරුවෝ දැනුම් දුන් අවස්ථාවක මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ බෝධිය වැඩැමවීමේ කටයුතු භාරගෙන මහත් ගෞරවයෙන් එර්දි බලයෙන් වඩම්වා වන්දනා මාන කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. එසේනම් බෝධි පූජාව යනු සිතූ පැතූ […]

බෙල්ලන්විල රන්දෝලි මහා පෙරහැර

බෙල්ලන්විල රන්දෝලි මහා පෙරහැර

ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පුණ්‍ය මහෝත්සවයේ රන්දෝලි මහා පෙරහැර පෙරේදා (24 දා) අති උත්කර්ශවත් අන්දමින් වීථි සංචාරය කෙරිණි. ඒ සඳහා සහභාගි වූ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් සධාතුක කරඬුව පෙරහැර හස්තියා මත තැන්පත් කිරීම සඳහා වැඩම කළ අයුරු. විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන හිමියෝද, බොරලැස්ගමුවේ පේ‍්‍රමරතන හිමියෝද ඡුායාරූපයේ වෙති.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර අද

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර අද

අවසන් රන්දෝලි පෙරහැර අද සවස 05 සිට සජීවීව දිනමිණ, සිළුමිණ සහ රැස වෙබ් අඩවි සහ ෆේස්බුක් පිටු ඔස්සේ විකාශණය කිරීමට මේ වන විට සියලූ කටයුතු සූදානමින් පවතියි. ශ්‍රී දළදා මාළිගාව අභියසින් දකුණු දිශාභිමුඛව රාත්‍රී 8.05 ට පිටත්වන පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවදීමට […]

ඉන්දියාවේ ප්‍රථම බෞද්ධ ප්‍රාන්තය ලඩක්

ඉන්දියාවේ ප්‍රථම බෞද්ධ ප්‍රාන්තය ලඩක්

ඉන්දියාවේ ප්‍රථම බෞද්ධ ප්‍රාන්තය ලෙස ලඩක් ප්‍රදේශය නම් කිරීමට ඉන්දීය රජය කටයුතු කර ඇත. එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගෙන් 70%ක් පමණ බෞද්ධයන් බව සඳහන්ය. මුහුදු මට්ටමේ සිට අඩි 9800ක උසින් පිහිටා ඇති අති සුන්දර ලඩක් ප්‍රාන්තය මෙතෙක් පැවතියේ ජම්මු කාශ්මීරයට අයත් ප්‍රදේශයක් ලෙසිනි. වර්ග කිලෝ මීටර 59196ක විශාලත්වයෙන් යුත් , අපූරු දේශගුණයකින් සමන්විත ලඩක් ප්‍රාන්තයේ මාස […]

ප්‍රථම කුඹල් පෙරහැර වීදි සංචාරය අද

ප්‍රථම කුඹල් පෙරහැර වීදි සංචාරය අද

මහනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අද(05) වීදි සංචාරය කෙරේ. දළදා මාලිගය අභියසින් අද රාත්‍රි 07.02ට දකුණු දිශාභිමුඛව පිටත්වන පෙරහැර දළදා වීදිය, ඩී එස් සේනානායක වීදිය, දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය හා රජ වීදිය ඔස්සේ ගමන්ගැනීමට නියමිතය. අදින් ආරම්භ වන කුඹල් පෙරහැර දින පහක් පුරා වීදි සංචාරය කරනු ලැබේ. අනතුරුව ලබන 10 […]

ඇසළ පෙරහරේ කප් රුක කැපීමේ මංගල්‍යය

ඇසළ පෙරහරේ කප් රුක කැපීමේ මංගල්‍යය

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කිරීම සනිටුහන් කරන කප්සිටුවීමේ චාරිත්‍රය සඳහා කප් රුක කැපීමේ මංගල්‍යය (කල්ප වෘක්ෂ පෙරහර) අද (01) අලුයම 4.33 ට යෙදුණු සුබ මොහොතින් සිදුකෙරිණි. මහනුවර විෂ්ණු දේවාලය හා අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ඒකාබද්ධව අලුත්නුවර ප්‍රදේශයේ තෝරා ගත් කිරි සහිත ඵල නොදැරූ ගසක් රිදී පොරවකින් කපන ලදී. මේ අවස්ථාවේදී එම වෘක්ෂය හඳුන්වනු ලබන්නේ […]

ඥානසාර හිමිට සමාව දීම ගැන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම් විභාගය කල් යයි

ඥානසාර හිමිට සමාව දීම ගැන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම් විභාගය කල් යයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වී ඇති බව කියමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 10 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලදී. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් […]

රට ගොඩගන්න අන්තවාදය පරාජය කළ යුතුමයි

රට ගොඩගන්න අන්තවාදය පරාජය කළ යුතුමයි

විනාශයට පත්ව තිබෙන මේ රට යළි ගොඩනැඟීම සඳහා ජාතික තලයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබන බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කළහ. ඥානසාර හිමියන්ට සමාව ලබාදෙන ලෙසට මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් කරන ලද ඉල්ලීමට අනුව පසුගිය 24 වනදා උන්වහන්සේට පූර්ණ නිදහස ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කර තිබුණි. බොදු බල […]

ථෙරවාදි බුදු දහම පිළිබඳව 2017දී සංඝායනාවක්- රනිල් වික්‍රමසිංහ

ථෙරවාදි බුදු දහම පිළිබඳව 2017දී සංඝායනාවක්- රනිල් වික්‍රමසිංහ

ථෙරවාදි බුදු දහම පිළිබඳ සංඝායනාවක් කැඳවීමට බලාපොරොත්තුවෙන් සිටින බවත්,මෙම සංඝායනාව කැඳවන ලෙස මහා නායක ස්වාමින් වහන්සේලාගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙන බවද,ගරුතර සංඝරත්නය එකඟ නම් 2017 වර්ෂයේ මේ සංඝායනාව කැඳවීමට හැකි බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (06) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවති මහා සංඝ සමුළුව අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා කල සම්පුර්ණ කතාව පහතින් දැක්වේ. […]