දක්ෂ ක්‍රීඩකයින් ගමෙන් බිහිවන බව මට විශ්වාසයි

දක්ෂ ක්‍රීඩකයින් ගමෙන් බිහිවන බව මට විශ්වාසයි

මොහු ජාතික හා අන්තර්ජාතික තලයේ දස්කම් පෙන්වූ ක්‍රීඩකයෙකි.දක්ෂ හමුදා නිලධාරියෙකි. එලෙසම කැපවීමේන් හා දැඩි අධිෂ්ඨානයෙන් ක්‍රියා කරන ක්‍රීඩා බලධාරියෙකි.
ඕනෑම රැකියාවක් ලබා ගැනීමට නම් ඒ සදහා ඉල්ලුම් කල යුතුය.කෙනෙකුට එසේ ඉල්ලුම් නොකර සේවායෝජකයින්ගේ ආරාධනයෙන් රැකියාවක් ලැබේ නම් ඔහු සැබෑ වාසනාවන්තයෙකි.අප කතා නායකයාද එවැනි වාසනාවන්තයෙකි. ඔහු ගුවන්
හමුදාවට එක්වන්නේද  ආරාධනයෙකිනි.ඔහු ශ්‍රීලංකා ස්කොෂ් සංගමයේ සභාපති  ඔලිවර් ගුරුගේය. දවසක හැන්දෑවක ඔහුගේ නිවසට ගොඩ වැදුනු අප ඔහු හා කල සංවාදය …..

ඕනෑම ක්‍රීඩාවක බලධාරියෙක් වුනාම ඒ ක්‍රීඩාව සම්බන්ධව දැනුමක් තිබිය යුතුයි. ඔබගේ ස්කොෂ් ක්‍රීඩාවේ ආරම්භ කොහොමද?
මම ස්කොෂ් ක්‍රීඩාවට අවතීර්ණ වුනේ ගුවන් හමුදාවට බැඳීමත් සමඟයි. ඊට පෙර මම බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක්. අවුරුදු 11 සිට මම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ක්‍රීඩා කලා. මම ක්‍රීඩා කරනවා දැකලා නිළධාරීන් මාව ක්‍රීඩාවට සම්බන්ධ කර ගත්තා.81,83 ,84 වර්ෂ තුනේම මම ජා‍තික ශූරතාවය දිනුවා. 81,84 පකිස්තානයේ කරච්චි නගරයේ හා ජෝර්දාන් වල තිබුනු තරඟාවලි වලට
ත් සහභාගී වුනා.

ස්කොෂ් ක්‍රීඩාවේ එදා සහ අද තත්වය කොහොමද?
ඒ දිනවල පාසල් ක්‍රීඩකයන්ට අතරට මේ තරඟය ගිහින් තිබුනේ නෑ. අද වන විට මම ඉහල වර්ධනයක් දකිනවා. අවුරුදු 9 සිට 19 න් පහළ දක්වා ක්‍රීඩකයන් සිටිනවා , එදා 10 පමණ වූ ක්‍රීඩාගාර අද 125 අධිකව වර්ධනය වී තිබෙනවා. පාසල් කිහිපයකම අද ක්‍රීඩාගාර තිබෙනවා.ක්‍රීඩාවට කාන්තා සහභාගීත්වය ඉහල ගොස් තිබෙනවා . අද වන විට ස්කොෂ් ක්‍රීඩාවේ ප්‍රමිතිය ඉහල නැන්වී තිබෙනවා. විශේෂයෙන් ක්‍රීඩිකාවන්ගේ පැත්තෙන්.ටෙහානි හා නිරාෂා ගේ දැඩි දක්ෂතා පෙන්වීමෙන් කාන්තා ස්කොෂ් ක්‍රීඩාව තුල කල විප්ලවය නිසා කාන්තා ස්කොෂ් ක්‍රීඩාවේ ප්‍රමිතිය ඉහල නැන්වුනා.

ස්කොෂ් ඉහළ පැළැන්තියේ අයට පමණක් සීමා වුනු ක්‍රීඩාවක් කියලා මතයක් තිබෙනවා. මේ කතාව අදට වලංගුද?

එදාට නම් වලංගුයි. ඉහල ක්‍රීඩා සමාජයකට හෝ හමුදා කඳවුරු වල පමණයි එදා ක්‍රීඩාගාරයක් තිබුනේ. ක්‍රීඩා සමාජවලට බැඳිමට අවස්ථාව තිබුනේ විදේශිකයන්ට හා ඉහල අයට පමණයි. නමුත් අද තත්වය හාත්පසින්ම වෙනස්. බොහෝ දක්ෂ
ක්‍රීඩකයින් සාමාන්‍ය පවුල් වල අය.

ස්කොෂ් ක්‍රීඩාවට රජයෙන් ලැබෙන දායකත්වය කොහොමද?

ලංකාවේ ජාතික තරඟයක් පවත්වන්න හොඳ පහසුකම් අවශ්‍යයයි. තාරුණ්‍යයර හෙටක් වැඩසටහන යටතේ ක්‍රීඩාගාර දෙකක් ඉදි කිරීමට අවශ්‍ය කටයුතු යොදලා තිබෙනවා. ක්‍රීඩා සංගමයකට තනිව ක්‍රීඩා පිටියක් සැදීමට ශක්තියක් නෑ. මේ
සඳහා දේශපාලන සහයද යම්තාක් දුරට අවශ්‍ය වෙනවා.

ජූලි මාසයේ පැවැත්වීමට නියමිත ආසියානු කණිෂ්ඨ ශූරතාවලියට අවශ්‍ය දේවල් සූදානම්ද? ඒ සඳහා මේ ක්‍රීඩා පිටිවල
ප්‍රශ්ණය බලපාන්නේ නැද්ද?

ඔව්. අපි ඒ සඳහා ජෝන් කීල්ස් සමාගමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා මේ සඳහා අනුග්‍රහය දැක්වීමට. මෙහි දි තරඟ අවස්ථා හතරයි පැවැත්වෙන්නේ. ක්‍රීඩා පිටි දෙකක මේ තරඟ වට පැවැත්වීමට තීරණය කර තිබෙනවා. අවුරුදු දෙකකට වරක් කණිෂ්ඨ ශූරතාවල‍ිය පවත්වන විට ඊලඟ තරඟ පැවැත්වෙන අවධියේදී ඔහුගේ වයස් මට්ටම වැඩි නිසා ක්‍රීඩකයන්ට තරඟ වලට සහභාගී වීමේ අවස්ථාජ ගිලිහී යනවා. ඒ නිසා අපි ආසියානු සංගමයට යෝජන කලා වර්ෂයක් හැර
වර්ෂයක් පැවැත්වෙන කණිෂිඨ ශූරතාවලියේ අතරමැද වර්ෂයේ දී තවත් තරඟයක් පවත්වමු කියලා. එහි ප්‍රතිපලයක් වශයෙන් මේ වර්ෂයේ තරඟාවලිය ලංකාවේ පැවැත්වෙනවා.

ස්කොෂ් සංගමයේ සභාපති වශයෙක් මොනවාද ඔබ තුමාගේ බ‍ලාපොරොත්තු ?
තංගල්ල ප්‍රදේශයේ දැනට ස්කොෂ් පිටියක් ඉදිකිරීමට නියමිතව තිබෙනවා. ස්කොෂ් පිටියක් හදන එක රජයට දැරිය නොහැකි මුදලක් නොවෙයි. මට අම්බලන්ගොඩ , කුරුණෑගල ,අනුරාධපුර , මාතර , ගාල්ල ප්‍රදේශ වලින් අවුරුදු දෙකක් යනකොට
දක්ෂ ක්‍රීඩකයින් බිහිවන බවට විශ්වාසයක් තියනවා.

සාකච්ඡා කළේ :- ගාමිණී පතිරණගේ
ඡායාරූප : – ඉග්නීසියස් දක්ෂල

Share this: