ජය සමරන්න ගොස් ආජන්ටිනාව යුද පිටියක් වෙයි!

ජය සමරන්න ගොස් ආජන්ටිනාව යුද පිටියක් වෙයි!

ලෝක කුසලානය ජයග්‍රහණය සිදුකරමින් සිය රට බලා යන ආජන්ටිනා කණ්ඩායම පිළිගැනීමේ උත්සවය අතරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ සමගම මෙසීගේ නායකත්වයෙන් යුත් ආර්ජන්ටිනා කණ්ඩායමේ බස් රථයට පාලමක් මත සිටි තරුණයෙකු පැන බිම වැටෙන අයුරු කැමරාවේ සටහන්ව තිබුණා.

කෙසේ වෙතත්, ප්‍රතිකාර ලබමින් සිටියදී එම තරුණයා ද මිය ගිය බවයි ආර්ජන්ටිනා බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

ඒ සමගම සැමරුම් උත්සවය අතරතුර සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු පස් දෙනෙකු බරපතල තුවාල ලබා මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද එම වාර්තාවේ සඳහන්.

මෙම උණුසුම් තත්වය හේතුවෙන් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම පිළිගැනීමේ උත්සවය අතරමග නවතා ගුවන් යානයකින් රැගෙන ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊට අමතරව නිවාඩුව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මාර්ගයේ සිටි ජනතාව ඉවත් කිරීමට පොලිස් කැරලි මර්දන කණ්ඩායමද කැඳවා තිබූ අතර එහිදී පොලිසිය සහ ජනතාව අතර ගැටුම උග්‍ර විය.

Share this: