වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළෙඳුන්ට නඩු වැටෙන හැටි!

වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළෙඳුන්ට නඩු වැටෙන හැටි!

නියාමනය කළ මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කළ තලවකැලේ නගරයේ වෙළෙඳුන් හතර දෙනෙකුට එරෙහිව නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු කාර්යාංශයේ නිලධාරීන් විසින් නීතිමය පියවර ගෙන ඇත.

තලවාකැලේ නගරයේ පාලන මිලට වඩා වැඩි මිලට ඇතැම් වෙළෙඳුන් බිත්තර අලෙවි කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම වැටලීම් සිදු කර ඇත.

එහිදී අදාළ වෙළෙන්දා රතු බිත්තරයක් රුපියල් 50කට සහ සුදු බිත්තරයක් රුපියල් 48කට අලෙවි කර ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාරිභෝගික කටයුතු නියෝජිතායතනයේ දිස්ත්‍රික් ප්‍රධානී අමිර රත්නායක මහතා පැවසුවේ, ඒ අනුව අදාළ වෙළෙඳුන් ඇප මත මුදාහැර මේ මස 28 වැනිදා නුවරඑළියේ ලියාපදිංචි වන ලෙසට නියෝග කර ඇති බවත්, දිසා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කළ බවත්ය.

බිත්තර මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නීතිපතිවරයාගේ උපදෙස් මත නව ගැසට් නිවේදනයක් පසුගියදා නිකුත් කර තිබේ.

සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් සහ රතු බිත්තරයක් රුපියල් 46ක් ලෙස එහි දැක්වේ.

Share this: