රට පුරා දිනකට බිත්තර ලක්ෂ 30ක හිඟයක්!

රට පුරා දිනකට බිත්තර ලක්ෂ 30ක හිඟයක්!

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියංක අතපත්තු මහතා පැවසුවේ දෛනික බිත්තර හිඟය ජුනි මාසයේදී අවසන් වනු ඇති බවයි.

මේ වන විට රට පුරා දිනකට බිත්තර ලක්ෂ 30ක හිඟයක් පවතින බව ඔහු සඳහන් කළේය.

මේ අතර, පාරිභෝගික කටයුතු පිළිබඳ කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සුදු බිත්තර රුපියල් 44ක් සහ රතු බිත්තර රුපියල් 46ක් ලෙස උපරිම සිල්ලර මිල 01/20 වෙනිදා සිට ක්‍රියාත්මක වන බවයි.

Share this: