පුටින්ගේ ගමන නවතින ලකුණු

පුටින්ගේ ගමන නවතින ලකුණු

සිය සෞඛ්‍ය තත්ත්වය තදබල ලෙස පිරිහීම නිසා ලබන වසරේදී ජනාධිපති තනතුර හැර යෑමට රුසියානු නායක ව්ලද්මීර් පුටින් අදහස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු පාකින්සන් රෝගයෙන් පෙළෙන බව පුටින්ගේ සමීපතමයන් මඟින් හෙළි වී ඇති බවයි එම මාධ්‍ය වාර්තා පේනවා දෙන්නේ.

ඉහත රෝගී තත්ත්වය නිසා 68 වැනි වියේ පසුවන රුසියානු නායකයා අත් වෙව්ලීම, පය පැකිළීම සහ අමතක වීම වැනි සංකූලතා පෙන්නුම් කරන බව නිරීක්ෂකයෝ පවසනවා.

ඇතැම් අවස්ථාවල අස්සන් තැබීම සඳහා අතැඟිලි අතර පෑන රඳවාගැනීම පවා ඔහුට දුෂ්කර වී ඇතැයි සඳහන්.

මේ වනවිට වසර 16කට ආසන්න කාලයක් පුටින් රුසියාවේ නායකත්වය හොබවා තිබෙනවා.

Share this: