medicine

ඖෂධ අසාත්මිකතාවන්ගේ සිදුවීම් සොයා බැලීමට විශේෂඥ කමිටුවක්

ඖෂධ අසාත්මිකතාවන්ගේ සිදුවීම් සොයා බැලීමට විශේෂඥ කමිටුවක්

දිවයින පුරා සෞඛ්‍ය සේවා ආයතන කිහිපයක මෑත කාලීනව සිදු වූ ඖෂධවල ඇනෆිලැක්සිස් (Anaphylaxis) ඇතිවීම සහ ඒවායේ අතුරු ප්‍රතිඵල පිළිබඳව විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් 7 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කර තිබේ. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) අධ්‍යක්ෂ වෛද්‍ය දේදුණු ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට මහාචාර්ය චන්දිම ජීවන්දර, මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති, වෛද්‍ය […]

ඖෂධ හිඟයට ජනපතිගේ ප්‍රතිචාරය

ඖෂධ හිඟයට ජනපතිගේ ප්‍රතිචාරය

ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් අනුමත කරන ලද ඖෂධ සඳහා අනුමැතිය ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ. පවතින ක්‍රමවේදයන් හේතුවෙන් ඖෂධ හිඟයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස රාජ්‍ය නායකයා මෙම නියෝග නිකුත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) වාර්තා කළේය. ඒ අනුව, FDA (U.S. Food and Drug […]

ඖෂධවල ප්‍රමිති ගැටලුට හේතුව

ඖෂධවල ප්‍රමිති ගැටලුට හේතුව

ශ්‍රී ලංකාවේ දැනට පවතින ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවලට ප්‍රධානතම හේතුව ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ පවතින අඩුපාඩු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. අදාළ පනත සංශෝධනය කිරීම සඳහා දැනටමත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇතත් එය සම්මත කර ගැනීමට රජය අපොහොසත් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. 09 වැනිදා අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් […]

ඖෂධ වර්ග කිහිපයක මිල අඩු කෙරේ

ඖෂධ වර්ග කිහිපයක මිල අඩු කෙරේ

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් 2023 ජුනි 15 වන දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ඖෂධ වර්ග කිහිපයක මිල සංශෝධනය කර ඇත. ඒ අනුව ජුනි 26 වන දින සිට ක්‍රියාත්මක වන අදාළ ගැසට් පත්‍රයට අනුව ඖෂධ වර්ග 60ක මිල 16%කින් අඩු කර තිබේ. මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ අදාළ අතිවිශේෂ ගැසට් […]

ඖෂධ මිල අඩු කෙරේ

ඖෂධ මිල අඩු කෙරේ

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ඖෂධ වර්ග කිහිපයක මිල සංශෝධනය කර තිබේ. ඒ අනුව 2023 ජූනි 26 දින සිට බලාත්මක වීමට නියමිත අදාළ ගැසට් පත්‍රයට අනුව ඖෂධ වර්ග 60ක මිල 16%කින් අඩු කෙරේ.

ඇස් පෙනීම නැති වූ රෝහල් සැත්කම්

ඇස් පෙනීම නැති වූ රෝහල් සැත්කම්

ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඖෂධයක විෂබීජ තිබීම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී අක්ෂි සැත්කම් කළ දස දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වල වී ඇති බව නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න පවසනවා. රෝහල් ආරංචි මාර්ග ඔස්සේ ලැබුණු ඇතැම් තොරතුරු සම්බන්ධයෙන් කළ විමසීමකදී වෛද්‍ය සෙනෙවිරත්න සඳහන් කළේ අප්‍රේල් 05 වැනිදායින් පසු ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන්ගේ ශල්‍යකර්මවලින් අනතුරුව […]

රජයේ රෝහල්වල ඖෂධ වර්ග 112ක හිඟයක්

රජයේ රෝහල්වල ඖෂධ වර්ග 112ක හිඟයක්

රජයේ රෝහල්වල දැනට භාවිත කරන ඖෂධ වර්ග 112 ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. 27 වැනිදා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දැනට රජයේ රෝහල්වල භාවිත වන ඖෂධ වර්ග 1347 න් 150 ක හිඟයක් මීට පෙර පැවති බවයි. රජය ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 50ක් […]

සංකූලතා වලින් පසු ඉන්දියානු “ප්‍රෙඩ්නිසොලෝන්” අක්ෂි බිංදු භාවිතය ඉවත් කරයි

සංකූලතා වලින් පසු ඉන්දියානු “ප්‍රෙඩ්නිසොලෝන්” අක්ෂි බිංදු භාවිතය ඉවත් කරයි

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නියෝගයකට අනුව ඉන්දියාවෙන් ආනයනය කරන ලද ‘ප්‍රෙඩ්නිසොලෝන්’ අක්ෂි බිංදු භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත. ඒ අනුව සියලුම රෝහල්වලට ඖෂධ සැපයීම ද අත්හිටුවා ඇති බව අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය (MSD) සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ […]

පේරාදෙණිය රෝහලේදී ගැබිනි කාන්තාවකගේ මරණයට හේතු වූ නිර්වින්දන ඖෂධ භාවිතය අත්හිටුවයි

පේරාදෙණිය රෝහලේදී ගැබිනි කාන්තාවකගේ මරණයට හේතු වූ නිර්වින්දන ඖෂධ භාවිතය අත්හිටුවයි

පසුගිය දා පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ගැබිනි මවකගේ සංකූලතා සහ ඉන් පසුව මියයාමේ සිද්ධියට හේතු වූ ඖෂධය භාවිතය දැනටමත් අත්හිටුවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂඥ කණ්ඩායමක් පේරාදෙණිය ශික්ෂණ රෝහලට යවා ඇති බවයි. සිසේරියන් සැත්කමක් සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ගැබිනි කාන්තාවක් කිසියම් ඖෂධයක් ලබා දීමෙන් […]

ඉන්දියානු නිර්වින්දන ඖෂධ භාවිතය තාවකාලිකව ඉවත් කරයි

ඉන්දියානු නිර්වින්දන ඖෂධ භාවිතය තාවකාලිකව ඉවත් කරයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය (MSD) ශ්‍රී ලංකාවේ සැත්කම් සඳහා භාවිත කරන නිර්වින්දන ඖෂධයක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතය තාවකාලිකව ඉවත් කර තිබේ. ඒ අනුව අදාළ ඖෂධ වර්ග තුනක් භාවිත කිරීම තාවකාලිකව ඉවත් කර ඇත. මෙම ඖෂධය ඉන්දියානු ණය රේඛාව යටතේ ලැබුණු අතර, ඉන්දීය ඖෂධ සමාගමක් විසින් ශ්‍රී ලංකාවට බෙදාහරින ලදී. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව […]