medicines srilanka

මිල අඩු කිරීමට ඖෂධ ලැයිස්තුවක්!

මිල අඩු කිරීමට ඖෂධ ලැයිස්තුවක්!

මිල අඩු කිරීමට අදාළ ඖෂධ ලැයිස්තුවක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙස අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර ඇති බව රජයේ වෛද්‍ය කාර්ය මණ්ඩල සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, රජයේ වෛද්‍ය කාර්ය මණ්ඩල සංගමය සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන් බවයි.