economic crisis 2022. economic crisis sri lanka

සියලුම ඉන්ධන සදහා බදු ඉහළ දමයි!

සියලුම ඉන්ධන සදහා බදු ඉහළ දමයි!

දැනට පවතින ඉන්ධන බදු ප්‍රතිශතය ඉහළ නැංවීමට ද යෝජිතයි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දැනට පවතින ඩොලර් බිලියන 2.758 ණය සඳහා අරමුදල් සැපයීම සඳහා වසරකට දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.3%ක් ආදායමක් උපයා ගැනීම සඳහා අදාළ මුදල් පනත පාර්ලිමේන්තුව සම්මත කරන ගැනීමට නියමිතය. ඒ අනුව සියලුම ඉන්ධන සඳහා වන බදු ඉන්ධන ලීටරයකට රුපියල් 25කින් ඉහළ දමා තිබෙනවා. ඒ […]

අලුත් අවුරුද්දේ මත්පැන් සහ සිගරට් භාවිතා කරන අයට රජයෙන් තෑග්ගක්!

අලුත් අවුරුද්දේ මත්පැන් සහ සිගරට් භාවිතා කරන අයට රජයෙන් තෑග්ගක්!

ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට සියලු වර්ගවල මත්පැන්, වයින්, බියර් ආදිය සඳහා නිෂ්පාදන බද්ද 20%කින් ඉහළ දමා තිබේ. එබැවින් විශේෂිත මත්පැන් බෝතලයක් සඳහා මෙතෙක් පනවා තිබූ බද්ද රුපියල් 206 කින් වැඩි කර ඇති අතර නව බද්ද රුපියල් 1256 කි. එමෙන්ම පොල්, තල් සහ පදනම් පදනම් කළ මධ්‍යසාර බෝතලයක බද්ද රුපියල් 224කින් ඉහළ ගොස් තිබේ. දේශීය […]

2022 දී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 07 ඉක්මවයි!

2022 දී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 07 ඉක්මවයි!

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්ත වලට අනුව 2022 දී ශ්‍රී ලංකාවට පැමිණෙන මුළු සංචාරකයින් සංඛ්‍යාව 719,978 ක් පමණ වී ඇත. 2022 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව 91,961ක් බව දත්ත පෙන්වා දෙයි. 2022 දෙසැම්බර් මාසයේදී රුසියානු සංචාරකයින් 19,963ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත. මීට අමතරව අසල්වැසි ඉන්දියාවෙන් වැඩිම සංචාරකයින් […]

ඩීසල් සහ භූමිතෙල් මිල අඩු කරයි!

ඩීසල් සහ භූමිතෙල් මිල අඩු කරයි!

ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග දෙකක මිල අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත. ඒ අනුව  ලංකා සුදු ඩීසල් මිල රුපියල් 15කින් අඩු කර තිබෙනවා. භූමිතෙල් මිල රුපියල් 10කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405ක් වන අතර භූමිතෙල් […]

ඩොලර්වලට අලෙවි වන නිවාසවල අදායම!

ඩොලර්වලට අලෙවි වන නිවාසවල අදායම!

නාගරික සංවර්ධන අධිකාරියට අනුව මධ්‍යම පාන්තික නිවාස ඩොලර්වලට විකුණන වැඩසටහනක් යටතේ ඩොලර් ලක්ෂ පහකට වැඩි මුදලක් උපයා ඇත. මෙම වසරේ ඩොලර් 500,000 ක නිවාස අලෙවියක් අපේක්ෂා කරන බවත් වසර අවසන් වන විට එම ඉලක්කය ඉක්මවා යාමට හැකි වනු ඇති බවත් අධිකාරිය පැවසීය. ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදයට පිළියමක් ලෙස මධ්‍යම පාන්තික නිවාස විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට […]

උද්ධමනයට වෙච්ච දෙයක්!

උද්ධමනයට වෙච්ච දෙයක්!

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය දෙසැම්බර් මාසයේදී පහත වැටී ඇත. නොවැම්බර් මාසයේදී සියයට 61ක් වූ උද්ධමනය දෙසැම්බර් මාසයේදී සියයට 57.2 දක්වා පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ආහාර උද්ධමනය නොවැම්බර් මාසයේදී සියයට 73.7 සිට දෙසැම්බර් මාසයේදී සියයට 64.4 දක්වා පහත වැටී ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.

රුපියල් 55ට බිත්තර විකුණන්න කොළඹ සහ ගම්පහට බිත්තර ලොරි!

රුපියල් 55ට බිත්තර විකුණන්න කොළඹ සහ ගම්පහට බිත්තර ලොරි!

කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයක බිත්තර රුපියල් 55කට අලෙවි කිරීම ඊයේ (28) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. එම බිත්තර ලොරි රථ 20ක් සමඟ පොලිස් ආරක්ෂාව යටතේ අදාළ ප්‍රදේශවල අලෙවි කිරීමට කටයුතු කරන බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එළැඹෙන 29 වැනිදා සිට බිත්තර රුපියල් 55ට!

එළැඹෙන 29 වැනිදා සිට බිත්තර රුපියල් 55ට!

වෙළඳපොලේ බිත්තර මිල සීග්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා සහ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඊයේ (26) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සාකච්ඡා කර ඇත. එළැඹෙන 29 වැනිදා සිට රුපියල් 55ට අඩු මුදලකට බිත්තර පාරිභෝගිකයන්ට ලබාදීමේ එකඟතාවක් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් නිවේදනය කර ඇත.

නොරොච්චෝලේ එක් කොටසක් අද සිට වැසේ!

නොරොච්චෝලේ එක් කොටසක් අද සිට වැසේ!

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එකක් අද සිට ක්‍රියා විරහිත කිරීමට තීරණය කර තිබෙනවා. ගල් අඟුරු තොග කළමනාකරණය සදහා සහ නඩත්තු කටයුතු සදහා එම කොටස වසා දැමීමට පියවර ගන්නා බව විදුලිබල මණ්ඩලය පැවසීය. වෙනත් මූලාශ වලින් අඩු වෙන බලය සැපයෙනු ඇත. ඒ අනුව දැනට පවතින දෛනික පැය 2යි විනාඩි 20ක විදුලිය බිඳවැටීමේ වෙනසක් […]

ලබන අවුරුද්දේ ජනවාරි මාසයේදී විදුලිබිල ඉහළට!

ලබන අවුරුද්දේ ජනවාරි මාසයේදී විදුලිබිල ඉහළට!

එළඹෙන ජනවාරි මාසයේ සිට විදුලි බිල නැවත ඉහළදැමීමට පියවර ගන්නා බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.