වව්නියාවේදී පාසල් සිසුන්ට මත්පෙති විකුණු අයෙකු අත්අඩංගුවට!

වව්නියාවේදී පාසල් සිසුන්ට මත්පෙති විකුණු අයෙකු අත්අඩංගුවට!

වව්නියාව ප්‍රදේශයේ  මත්පෙති පාසල් සිසුන් ඉලක්ක කරගෙන අලෙවි කරමින් සිටි සැකකරුවෙක් මත්පෙති 539ක් සමග විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වව්නියාව ප්‍රදේශයේ මෙම මත්පෙති ජාවාරම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයෙන් අනතුරු වව්නියාව 11/27 පස්වරුවේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

33 හැවිරිදි පුද්ගලයෙක් වන සැකකරු දීර්ඝ කාලයක් පුරා පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මෙම ජාවාරම සිදුකර ඇත.

පුවරසන්කුලම් පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

Share this: