සංචාරයක් සඳහා කටාර් රාජ්‍ය නායක තමීම් බින් අහමඩ් අල් තානී මහතා හෙට දිවයිනට

සංචාරයක් සඳහා කටාර් රාජ්‍ය නායක තමීම් බින් අහමඩ් අල් තානී මහතා හෙට දිවයිනට

හෙට පස්වරුවේ දිවයිනට පැමිණෙන කටාර් රාජ්‍ය නායකයා පැය 04ක කාලයක් මෙරට රැඳී සිටින බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී පෙරේරා මහතා පැවසුවේ ය.

එහිදී ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර යන අය හමුවීමට නියමිතයි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ කටාර් රාජ්‍ය නායකයාගේ පැමිණීම වෙනුවෙන් හෙට පස්වරුවේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවය.

(හෙට පස්වරු 1.30 සිට 2.30 දක්වා කටුනායක ගුවන් තොටුපලේ සිට කොළඹට ඇතුළුවන මාර්ගයේ අධිවේගී මාර්ගය, බේස්ලයින් පාර, ඔරුගොඩවත්ත, බොරැල්ල, ඩී.එස්.විදුල සංඥා, නෙළුම්පොකුණ ඉදිරිපිට මාර්ගය, කොල්ලුපිටිට ලිබර්ටි වටරවුම, ගාලු මුවදොර වටරවුම, එන්.එස්.ඒ. වටරවුම දක්වා රථ වාහන ධාවනය සීමා වේ.)

Share this: