ශ්‍රීපාද සමය අදින් අවසන්

ශ්‍රීපාද සමය අදින් අවසන්

අද මධ්‍යම රාත‍්‍රියෙන් 2014 – 2015 සඳහා ශ‍්‍රීපාද වන්දනාවාරය අවසන් කරන බව ශ‍්‍රීපාද භාරකාර තල්ගස්කන්දේ වජිර හිමියන් පවසයි.

ශ‍්‍රීපාද මළුවේ තැන්පත්කර තිබෙන සධාතුක කරඩුව, සමන්දේව ප‍්‍රතිමාවන්, දේව ආභරණ සහ පූජා භාණ්ඩ හෙට දහවල් ශ‍්‍රීපාද මළුවේ පැවැත්වෙන විශේෂ පූජාවකින් පසුව රත්නපුර රජමාවත ඔස්සේ එක් පෙරහැරකුත් අනෙක් පෙරහැර හැටන් මාර්ගය ඔස්සෙත් වැඩමකරලීමට නියමිතව බව උන් වහන්සේ පවසයි.

හැටන් මාර්ගය ඔස්සේ වඩම්මන සමන්දේව ප‍්‍රතිමාවන් සහ පූජා භාණ්ඩ නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ තැන්පත්කර හෙට රාත‍්‍රියේ සර්වරාත‍්‍රික පිරිත් සච්ජායනයක් පවත්වන බව වජිර හිමියන් තවදුරටත් සඳහන් කළහ.

Share this: