රනිල්ගේ ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය!

රනිල්ගේ ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකාව ගෝලීය අගයදාමයට සම්බන්ධ කිරීම සඳහා ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයක් (ITO) ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට තීරණය  කර ඇත.

ජාත්‍යන්තර වෙළෙඳ ආයතනවල දුර්වලතා මඟහරවා ගනිමින් අදාළ සියලු ආයතන සම්බන්ධීකරණය කරමින් රටේ ආර්ථිකයට ජාත්‍යන්තර වෙළෙඳ ක්ෂේත්‍රයේ උපරිම දායකත්වය ලබා ගැනීමට හැකි වන පරිදි කටයුතු වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමට මෙම නව කාර්යාලය ස්ථාපිත කර ඇත.

ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා භාවිතා නොකළ වෙළඳ හා ආයෝජන ක්ෂේත්‍රවල විභවයන් උපයෝගී කර ගැනීම රජයේ ආර්ථික සංවර්ධන සැලැස්මේ අත්‍යවශ්‍ය අංගයකි. ඒ අනුව එය පළමුව දකුණු ආසියාව සමඟ සම්බන්ධ වී පසුව චීනය, තායිලන්තය සහ ඉන්දුනීසියාව සමඟ සම්බන්ධතා ඇතිව නැගෙනහිර දෙසට ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කෙරේ.

Share this: