පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන ගිවිසුම ගැන මෛත්‍රීපාල හෙළිකරයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන ගිවිසුම ගැන මෛත්‍රීපාල හෙළිකරයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් (IMF) මුල්‍ය ආධාර ලබා ගැනීම අත්‍යාවශ්‍ය බවත්, තමන්ද රට පාලනය කළේ තම පාලන කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු මුදල්වලින් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මල්වතු මහානායක හිමියන් සහ අනුනායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනවශ්‍ය ප්‍රශ්නයක් මතුව ඇති බවයි.

“මම ඒ ගිවිසුම් පාර්ලිමේන්තුවේ සභාගත කළේ නැහැ. දැන් මේක පාර්ලිමේන්තුවේ සභාගත කරලා අනවශ්‍ය ප්‍රශ්නයක් මතුවෙලා.”

“අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් සමඟ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ජනාධිපතිවරයාට සහ රජයට ගිවිසුම අවසන් කළ හැකි” බව ඔහු පැවසීය.

Share this: