නවසීලන්තයේ නව අගමැති!

නවසීලන්තයේ නව අගමැති!

නවසීලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රිස් හිප්කින්ස් නිල වශයෙන් තේරී පත්වී තිබෙනවා.

ඒ, පාලක කම්කරු පක්ෂය යෝජිත නාමයෝජනා අනුමත කළ අවස්ථාවේදීය.

44 හැවිරිදි ක්‍රිස් හිප්කින්ස් එරටේ 41 වැනි අගමැති සහ කම්කරු පක්ෂයේ නායකයා වනු ඇත.

නවසීලන්තයේ වත්මන් අධ්‍යාපන සහ රාජ්‍ය සේවා අමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් අග්‍රාමාත්‍ය ධූරයට තරඟ වදින්නේ අගමැතිනි ජසින්ඩා ආර්ඩ්න් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කිරීමෙන් පසුවය.

පැසිෆික්, ජපන් සහ නවසීලන්ත සම්භවයක් ඇති කාමෙල් සැපුලෝනි හිප්කින්ස්ගේ රජයේ නියෝජ්‍ය අගමැති ලෙස පත් කරන ලදී.

Share this: