උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීමේ ක්‍රියාවලිය ලගදීම?

උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීමේ ක්‍රියාවලිය ලගදීම?

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීමේ ක්‍රියාවලිය ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කිරීමට ඉඩ ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය (FUTA) ප්‍රකාශ කර ඇත.

FUTA හි ප්‍රකාශකයෙකු පැහැදිලි කළේ අවශ්‍ය සාකච්ඡාවලින් අනතුරුව මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ඉදිරි දින කිහිපය තුළ සංගමයේ සියලුම සාමාජිකයින් විසින් ගනු ඇති බවයි.

ඔවුන්ගේ ඉල්ලීම් සඳහා රජයෙන් යහපත් ප්‍රතිචාරයක් මේ වන විට ලැබී ඇති බව ද ඔහු සඳහන් කළේය.

Share this: