මැඩෝනාට බරපතල බැක්ටීරියා ආසාදනයක්

මැඩෝනාට බරපතල බැක්ටීරියා ආසාදනයක්

“බරපතල බැක්ටීරියා ආසාදනයක්” සමඟ රෝගාතුර වීමෙන් පසු මැඩෝනා සුවය ලබමින් සිටින අතර ඇයව දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ තබා ඇති බව ඇගේ කළමනාකරු ගයි ඔසේරි බදාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

“ඇගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින නමුත් ඇය තවමත් වෛද්‍ය ප්‍රතිකාර යටතේ පසුවනවා” යැයි ඔහු පැවසීය.

64 හැවිරිදි මැඩෝනාගේ “සැමරුම්” චාරිකාව කැනඩාවේ වැන්කුවර් හි ජූලි 15 වන දින ආරම්භ වීමට නියමිතව තිබූ අතර එය නැවත දැනුම් දෙන තුරු කල් දැමූ බව ඔසේරි පැවසීය.

Share this: