අනුරාධපුර ඔයාමඩුවේ “සුව සිරි පුර” ඖෂධ නිෂ්පාදන කලාපයේ වැඩ ඇරබේ.

අනුරාධපුර ඔයාමඩුවේ “සුව සිරි පුර” ඖෂධ නිෂ්පාදන කලාපයේ වැඩ ඇරබේ.

අනුරාධපුර ඔයාමඩුවේ “සුව සිරි පුර” ඖෂධ නිෂ්පාදන කලාපයේ කර්මාන්ත ආරම්භ කිරීම සදහා නව දේශීය ආයෝජකයන් සමඟ ගිවිසුම් අත්සන් කිරීම කොළඹ හිල්ටන් හෝටලයේදී ඊයේ සිදු විය.

මැලිබන් බයෝවෙන්චර්ස්, ලක්සස් මෙඩි ලයින් සහ නූ ලයින් බයෝටෙක් පෞද්ගලික සමාගම් සහ ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය අතර මේ ගිවිසුම් අත්සන් කළ අතර රාජ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් එහි ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ. රත්නායක මහතා සහ මැලිබන් බයෝවෙන්චර්ස් ආයතනය වෙනුවෙන් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ඒ.පී. කුමුදිකා ප්‍රනාන්දු, නූ ලයින් බයෝටෙක් පෞද්ගලික සමාගම වෙනුවෙන් අධ්‍යක්ෂිකා භාග්‍යා වෙත්තසිංහ, ලක්සස් මෙඩි ලයින් ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී ගයාන් ගුණවර්ධන යන මහත්ම මහත්මීහු අත්සන් කළහ.

දැනට පවතින හිඟය පියවා ගැනීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට උපරිමයෙන් නිෂ්පාදනය කිරීමට කටයුතු කර ඇති බවත් ඊයේ (22) දිනයට පමණක් පැරසිටමෝල් ලක්ෂ තිස් දෙකක් පමණ නිෂ්පාදනය කර ඇති අතර එය ඉදිරියේදී තව තවත් වැඩි කිරීමට පියවර ගන්නා බවත් එම අවස්තාවට එක් වූ ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

එලෙස නිෂ්පාදනයන් වැඩි කිරීමත් සමඟ ඉදිරියේදී හිඟතාව පියවා ගැනීමට හැකිවනු ඇති බව රාජ්‍ය ඇමැතිවරයා පැවසීය. ඖෂධ හිඟයකින් තොරව රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ගැනීම සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ පසුගියදා සාකච්ඡාවක් කළ බවත් එහිදී ඖෂධ ගෙන්වා ගැනීමට අවශ්‍ය ඩොලර් දෙන ලෙස ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන් බවත් චන්න ජයසුමන මහතා වැඩි දුරටත් කියා සිටියේය.

මේ වන තෙක් දේශීයව ඖෂධ නිෂ්පාදනය කිරීමට අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමේ ලොකු ප්‍රශ්නයක් නැති බව පැවැසූ ඒ මහතා විශේෂයෙන්ම මුදල් ඇමැතිවරයා පෞද්ගලිකව මැදිහත් වී අවශ්‍ය සහයෝගය දෙන බව ද පැවසීය.

Pix by Pradeep Pathirana

Share this: