X-Press Pearl සහ New Diamond ව්‍යසන පිළිබඳ විමර්ශනයක්

X-Press Pearl සහ New Diamond ව්‍යසන පිළිබඳ විමර්ශනයක්

MT New Diamond සහ X-Press Pearl යාත්‍රා දෙකෙන්ම සිදු වූ හානිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දී ඇත.

21 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිහිටුවීමට මැයි 12 වැනිදා පාර්ලිමේන්තුවේ දී අනුමැතිය හිමි විය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව තුළ වෙන වෙනම ගිනි ගැනීම්වලින් විනාශ වූ ජාත්‍යන්තර යාත්‍රා දෙක නිසා ඇති වූ විපත් සම්බන්ධයෙන් විමර්ශනය කර සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරේ.

Share this: