X-Press Pearl සමුද්‍රීය ව්‍යසනය පිළිබඳ මූලික අයිතිවාසිකම් (FR) පෙත්සම් විභාගය පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලෙස පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ) මැයි 23 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් මගින් මෙම ඉල්ලීම කර ඇත.
ගින්නෙන් විනාශ වූ එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාව හේතුවෙන් සිදු වූ පරිසර හානිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා CEJ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ FR පෙත්සමක් ගොනු කර ඇත.
එම සංවිධානය සිය මෝසමෙන් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා ඇත්තේ මහජන සුබසාධනය අරමුණු කරගනිමින් ගොනු කර ඇති FR පෙත්සම විභාගයට ගැනීම සඳහා පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසයි.
එම යෝජනාව මැයි 24 වැනිදා සලකා බැලීමට නියම කර ඇත.
Share this: