මැයි 10 වැනිදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු සභාවාරය තාවකාලිකව කල් තබන ලදී.
මැයි 10 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ එක්ස් ප්‍රෙස් පර්ල් සමුද්‍ර ව්‍යසනය සම්බන්ධයෙන් දෙදින කල් තැබීමේ විවාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් අතර මතභේදයක් ඇති වීමත් සමඟ උණුසුම් වාද විවාද ඇති වුණා.
තත්ත්වය පාලනය කර ගැනීම සඳහා පාර්ලිමේන්තු සැසිවාරය විනාඩි 10කට කල් තැබූ කථානායකවරයා එක්ස් ප්‍රෙස් පර්ල් සමුද්‍ර ව්‍යසනය පිළිබඳ විවාදය සභාව තුළ පැවැත්විය යුතුද යන්න තීරණය කිරීම සඳහා හදිසි දේශපාලන පක්ෂ නායක රැස්වීමක් කැඳවීය.
එක්ස් ප්‍රෙස් පර්ල් සමුද්‍ර ව්‍යසනය සම්බන්ධයෙන් දෙදින කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අඟහරුවාදා (මැයි 09) තීරණය කළේය.