X-Press පර්ල් සම්බන්දයෙන් සිංගප්පූරුවේ නඩු පැවරීම ශ්‍රී ලංකාවට හිතකර වෙයිද?

X-Press පර්ල් සම්බන්දයෙන් සිංගප්පූරුවේ නඩු පැවරීම ශ්‍රී ලංකාවට හිතකර වෙයිද?

X-Press Pearl නෞකාව අනතුරට ලක්වීමෙන් පරිසර හානියට වන්දි ඉල්ලා ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවට සිවිල් නඩු විභාගයට සහය වන ඕස්ට්‍රේලියානු නීති සමාගම උපදෙස් දී ඇත්තේ සිංගප්පූරුවේ නඩු පැවරීමේ ක්‍රියාවලිය සිදු කිරීම දිවයිනට හිතකර බවයි.

නීතිපතිවරයා සහ එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, MEPA හි ඉහළ කළමනාකාරීත්වය සහ සමුද්‍රීය නීතිය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති නීතිඥයින් පිරිසකගේ සහභාගීත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති හමුවකදී මේ බව අනාවරණය විය.

Share this: