UNP සය JVP පරාජය කල යුතුයි

UNP සය JVP පරාජය කල යුතුයි

ඉදිරියේදී බලයට ඒම නැවැත්විය යුතු ප්‍රධාන බලවේග දෙකක් ඇති බවත්, එන් ඉක් පක්ෂයක් වන්නේ එක්සත් ජාතික පක්ෂය බවත්, අනෙක් පක්ෂය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ බවත්, ජවිපෙ හිටපු නායක මෙන්ම ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි.

ජවිපෙ කටයුතු ගැන තමන් පෞද්ගලිකවම දන්න නිසා මෙසේ කියන බව අමරසිංහ මහතා “අප ගත යුතු මග” මැයෙන් අද කොළඹදී පැවැති රැස්වීමකදී ඔහු මේ බව කියා සිටි අතර ඊට අතුරලියේ රතන හිමියන්ද එක්ව සිටියේය.

එසේම එජාපය, ජවිපෙ මෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා ලැබෙන විට ඔහු වටා සිටින අශුද්ධ සන්ධානයද පරාජය කළ යුතු බව අමරසිංහ මහතා පැවසීය.

තවද, නාමයෝජනා ලැබීම අශුද්ධ සන්ධානයට ලොකු ජයග්‍රහණයක් බවත්, එය නැවැත්වීමට ප්‍රබල පළල් බලවේගයක් ගොඩනැඟිය යුතු බවත්, ඔහු කියා සිටියේය.

Share this: