Twitter හැක් වෙයි!

Twitter හැක් වෙයි!

Twitter හි දත්ත පද්ධති වෙත එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් මිලියන 200ක පමණ Twitter පරිශීලකයින්ගේ විද්‍යුත් ලිපින  බාහිර පාර්ශ්වයන් වෙත විවෘතවී ඇති බව වාර්තා වේ.

පර්යේෂකයන් පවසන පරිදි සයිබර් ප්‍රහාරය එල්ල කළ හැකර්වරුන් එය අන්තර්ජාලයට මුදා හැර ඇති අතර විදෙස් මාධ්‍ය ද එය වාර්තා කර ඇත.

කෙසේ වෙතත් තවදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට Twitter ආයතනය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, ඒ පිළිබඳව විමර්ශනය කරන්නේද යන්න සඳහන් කර නොමැත.

Share this: