smugglers srilanka

හෙරොයින් සමඟ 16 හැවිරිදි දැරියක් අත්අඩංගුවට

හෙරොයින් සමඟ 16 හැවිරිදි දැරියක් අත්අඩංගුවට

පේදුරුතුඩුව පොලිස් වසමේ පුලෝලි ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ළඟ තබාගෙන සිටි 16 හැවිරිදි දැරියක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට මැයි 22 වැනිදා ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත. සැකකාර දැරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් පහයි මිලිග්‍රෑම් 500ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඇය ඉදිරි නීතිමය කටයුතු […]

ජල සම්පාදන මණ්ඩලයේ රියදුරු අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ

ජල සම්පාදන මණ්ඩලයේ රියදුරු අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ (NWSDB) සේවයේ නියුතු රියදුරෙකු මැයි 20 වැනිදා සවස යතුරුපැදියකින් ‘අයිස්’ (Crystal methamphetamine) මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී කළුතර කොට්ඨාශ අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කළුතර දෙස සිට ධාවනය වූ යතුරුපැදිය නවතා පරීක්ෂා කිරීමේදී සැකකරුගේ යට ඇඳුම් තුළ සඟවා තිබූ ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් […]

හෙරොයින් සහ හෂීස් කිලෝග්‍රෑම් 121ක් රැගත් ධීවර යාත්‍රාව

හෙරොයින් සහ හෂීස් කිලෝග්‍රෑම් 121ක් රැගත් ධීවර යාත්‍රාව

හෙරොයින් සහ හෂීස් කිලෝග්‍රෑම් 121කට ආසන්න ප්‍රමාණයක් රැගෙන යමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 2,800ක් පමණ වේ. රාජ්‍ය බුද්ධි සේවය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ සම්බන්ධීකරණ බුද්ධි මෙහෙයුමකින් ලබාගත් තොරතුරු මත හෙරොයින් කිලෝග්‍රෑම් 111 යි ග්‍රෑම් 606 ක් සහ හෂීස් කිලෝග්‍රෑම් […]

රූපලාවන්‍ය ද්‍රව්‍ය තුල සැගවුණු මත්ද්‍රව්‍ය ජාවාරම

රූපලාවන්‍ය ද්‍රව්‍ය තුල සැගවුණු මත්ද්‍රව්‍ය ජාවාරම

වත්තල ඔලියමුල්ල ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස ක්‍රියා කළ පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 600ක් (Crystal methamphetamine) පොලිස් භාරයට ගෙන තිබේ. මොහුගේ බෑගය තුළ සඟවා තිබියදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 8.4 අධික බව විශ්වාස කෙරේ. අත්අඩංගුවට ගත් 37 හැවිරිදි සැකකරු රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවි කරන මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඇති බව පොලිසිය පවසයි.

මිලියන 84ක් වටිනා කැනඩාවේ සිට එවූ කුෂ් ගංජා රේගු භාරයට

මිලියන 84ක් වටිනා කැනඩාවේ සිට එවූ කුෂ් ගංජා රේගු භාරයට

ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් කැනඩාවේ පදිංචි පුද්ගලයෙකු විසින් යාපනය ප්‍රදේශයේ පුද්ගලයෙකුට එවන ලද භාණ්ඩ කිහිපයක් අඩංගු ලී පෙට්ටි දෙකක් පරීක්ෂා කිරීමේදී කුෂ් ගංජා කිලෝග්‍රෑම් 12 ක් සොයාගෙන තිබේ. මෙම ගංජා තොගය පාර්සල් 24ක අසුරා තිබියදී සොයාගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා රේගුව විසින් මෙම භාණ්ඩ රේගුවෙන් මුදා හැරීමට භාණ්ඩ හිමිකරු විසින් බලය පවරන ලද […]

හෙරොයින් ජාවාරම්කරුවන් නිදොස් කොට නිදහස් කිරීමට ගැන නීතිපති අභියෝග කරයි

හෙරොයින් ජාවාරම්කරුවන් නිදොස් කොට නිදහස් කිරීමට ගැන නීතිපති අභියෝග කරයි

නීතිපති සංජය රාජරත්නම් මහතා කොළඹ ට්‍රයල් ඇට් බාර් විසින් මේ මස මුලදී ලබා දුන් තීන්දුවක් අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ඔබ්බෙන් වූ කිලෝග්‍රෑම් 196ක් බරැති හෙරොයින් තොගයක් ජාවාරම් කිරීම සහ සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පුද්ගලයන් පස්දෙනෙකු අප්‍රේල් 06 වැනිදා කොළඹ මහාධිකරණය විසින් නිදොස් […]

මත්පෙති විශාල තොගයක් සමග පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

මත්පෙති විශාල තොගයක් සමග පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

ඉන්දියාවේ සිට පැමිණෙමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු මත් පෙති තොගයක් ළඟ තබාගෙන සිටියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අනු ඒකකයට ලද තොරතුරක් මත අඟහරුවාදා (අප්‍රේල් 18) මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ඔහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමෙන් පසු මත්පෙති 60,460 […]

ජාත්‍යන්තර මුහුදේ හෙරොයින් සමග 6ක් ගාල්ල වරායට

ජාත්‍යන්තර මුහුදේ හෙරොයින් සමග 6ක් ගාල්ල වරායට

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී අප්‍රේල් 16 වැනිදා මත්ද්‍රව්‍ය තොගයක් සහ බහුදින ධීවර යාත්‍රාවක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් 06 දෙනා ඊයේ (අප්‍රේල් 17) උදෑසන ගාල්ල වරායට රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. හෙරොයින් කිලෝග්‍රෑම් 175කට අධික ප්‍රමාණයක් රුපියල් ලක්ෂ 10ක වටිනාකමකින් යුක්තයි. ඔවුන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් රුපියල් බිලියන […]

ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 6ක් අත්අඩංගුවට

ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 6ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී විශාල මත්ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 6 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබූ බහුදින ධීවර යාත්‍රාව ද අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය සහ බුද්ධි අංශ එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම […]

මිලියන 16ක් වටිනා මත්පෙති අත්අඩංගුවට

මිලියන 16ක් වටිනා මත්පෙති අත්අඩංගුවට

යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් සහ මන්නාරම දුෂණ මර්දන ඒකකය එක්ව මන්නාරමේදී සිදුකළ වැටලීමකදී මත් පෙති තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මන්නාරම සිලාවතුරේ ප්‍රදේශයෙන් රුපියල් මිලියන 16ක් වටිනා මත් පෙති තොගයක් සොයා ගැනුණා. මන්නාරම ප්‍රදේශයේදී යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම ඒකාබද්ධ වැටලීම සිදුකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.