anthare

වසන්ත මුදලිගේ නිදහස් කිරීමට එරෙහිව ප්‍රතිශෝධන පෙත්සම

වසන්ත මුදලිගේ නිදහස් කිරීමට එරෙහිව ප්‍රතිශෝධන පෙත්සම

වසන්ත මුදලිගේ නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සමකට අදාළව ලිඛිත දේශනයක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය 19 වැනිදා නියෝග කළේය. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ (PTA) අත්අඩංගුවට ගෙන රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් අදාළ […]

උදුල් ප්‍රේමරත්න ඇතුළු 22ක් නිදහස්

උදුල් ප්‍රේමරත්න ඇතුළු 22ක් නිදහස්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න ඇතුළු විත්තිකරුවන් 22 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ජුනි 23 වනිදා නියෝග කළේය. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ප්‍රකාශ කළේ විත්තිකරුවන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන් වරදකරුවන් බවට පත් කිරීමට පැමිණිල්ල සාධාරණ සැකයෙන් ඔබ්බට සාක්ෂි ඉදිරිපත් කර නොමැති බවයි. ඒ අනුව […]

අන්තරේ වසන්තගෙන් මධුෂාන්ට

අන්තරේ වසන්තගෙන් මධුෂාන්ට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත්වී ඇත. නිවේදනයක් නිකුත් කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කළේ මැයි 20 වැනිදා රජරට විශ්වවිද්‍යාලයේ පැවති රැස්වීමේදී මෙම නව පත්කිරීම සිදුකළ බවයි.

වසන්ත මුදලිගේට ඇප

වසන්ත මුදලිගේට ඇප

විරෝධතාවයක් අතරතුර අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 08 දෙනාට ඇප නියම කර තිබේ. ඔවුන් මැයි 19 වැනිදා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප කොන්දේසි මත මුදා හැරීමට නියෝග කර ඇත. කිරිබත්ගොඩ පොලිසිය විසින් බ්‍රහස්පතින්දා (මැයි 18) සවස කැලණිය විශ්වවිද්‍යාලය අසල පැවැත්වූ විරෝධතාවයක් අතරතුර මෙම අත්අඩංගුවට ගැනීම් සිදු […]

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තවත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මැයි 18 වැනිදා සවස කැලණිය විශ්වවිද්‍යාලය අසල පැවති විරෝධතාවයක දී මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත. විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි. වාර්තා වන අන්දමට අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට ගෙන ඇත්තේ විරෝධතාවයේ සිටි පොලිස් […]

ගෝඨාගෝගමට ප්‍රහර දීම ගැන දේශබන්දුගේ පෙත්සම

ගෝඨාගෝගමට ප්‍රහර දීම ගැන දේශබන්දුගේ පෙත්සම

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනුකළ පෙත්සමක වගඋත්තරකරුවන්ට අදාළ පෙත්සමට එරෙහිව විරෝධතා ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය කල් ලබාදී තිබේ. ‘ගෝඨාගෝගම’ විරෝධතා ස්ථානයට පහරදීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් නම් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යවා ඇති ලිපිය බලරහිත කරන ලෙස ඉල්ලා අදාළ පෙත්සම ගොනු කර […]

රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවල යෙදී සිටින අයට උසස්වීම්, රජයේ රැකියා නැහැලූ!

රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවල යෙදී සිටින අයට උසස්වීම්, රජයේ රැකියා නැහැලූ!

රාජ්‍ය සේවයේ සියලුම අංශවල රැකියා සහ උසස්වීම් සඳහා අයදුම් කරන උපාධිධාරීන් ඇතුළු අපේක්ෂකයින් රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්වල නියැලී තිබේද යන්න පිළිබඳව රජය විමර්ශනය කරන බව වාර්තා වෙයි. රාජ්‍ය සේවයේ ඉහළම තනතුරු පවා දරන්නේ රාජ්‍ය විරෝධී ක්‍රියාවලට අනුබල දෙන සහ හොර රහසේ කඩාකප්පල් කරන කඩාකප්පල්කාරී මානසිකත්වයක් ඇති පුද්ගලයන් බව පෙන්වන බුද්ධි වාර්තා සහ රාජ්‍ය සේවයේ විශ්‍රාමික ඉහළ […]

වෘත්තීය සමිති අනතුරු අඟවයි!

වෘත්තීය සමිති අනතුරු අඟවයි!

2023 මාර්තු 15 වැනිදාට පෙර සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වුවහොත් ‘සම්පූර්ණයෙන් වසා දැමීමේ’ හැකියාවක් පවතින බවට වෘත්තීය සමිති අනතුරු අඟවා තිබේ. රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව දියත් කර ඇති අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කරන බවට උසස් අධ්‍යාපන, වෛද්‍ය, බැංකු, වරාය සහ අනෙකුත් ක්ෂේත්‍රවල ඉහළ ආදායම් ලබන රාජ්‍ය සේවකයින් තර්ජනය කර ඇත. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ […]

විශ්වවිද්‍යාල සිසුන් මැඩපැවැත්වීම සඳහා හමුදා නිලධාරීන් යකඩ පොලු ළඟ තබාගෙන සිටියේද යන්න පිලිබදව පරීක්ෂණයක්!

විශ්වවිද්‍යාල සිසුන් මැඩපැවැත්වීම සඳහා හමුදා නිලධාරීන් යකඩ පොලු ළඟ තබාගෙන සිටියේද යන්න පිලිබදව පරීක්ෂණයක්!

මාර්තු 7 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලය අසල විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවයක් මැඩපැවැත්වීම සඳහා පොලිසියට සහය වීමට යොදවා සිටි හමුදා නිලධාරීන් යකඩ පොලු සහ ලී පොලු ළඟ තබාගෙන සිටියේද යන්න පිළිබඳව ශ්‍රී ලංකා යුද හමුදාව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් පවසයි. බ්‍රිගේඩියර් රවී හේරත් ප්‍රකාශ කළේ යකඩ පොලු සහ ලී පොලු […]

කොළඹ විශ්වවිද්‍යාලයට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම ගැන පොලිසිය සමාව ඉල්ලයි!

කොළඹ විශ්වවිද්‍යාලයට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම ගැන පොලිසිය සමාව ඉල්ලයි!

03/07 වැනිදා පැවති විරෝධතා පාගමනක් විසුරුවා හරිමින් සිටියදී විශ්වවිද්‍යාල පරිශ්‍රයට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය කොළඹ විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියෙන් සමාව ඉල්ලා තිබේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පෙරේදා කොළඹදී විරෝධතා පාගමනක් පැවැත්වූ අතර කොළඹ නගරයේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වැළැක්වීම හේතුවෙන් විරෝධතාකරුවන් කොළඹ විශ්වවිද්‍යාලය අසලට රැස්ව සිටියාය. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් […]