Sinopec සමාගමට ඉන්ධන පිරවුම්හල් 50ක්

Sinopec සමාගමට ඉන්ධන පිරවුම්හල් 50ක්

සිනොපෙක් සමාගම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර අත්සන් කර ඇති ගිවිසුමට අනුව දැනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන ඉන්ධන පිරවුම්හල් 150ක් පවත්වාගෙන යාම සඳහා රජය චීන සමාගමට වසර 20ක බලපත්‍රයක් ලබා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම ගිවිසුම මගින් සිනොපෙක් සමාගමට නව ඉන්ධන පිරවුම්හල් 50ක ආයෝජනය කිරීමට සහ ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට ඉඩ සැලසෙන බවයි.

Sinopec Fuel Oil Lanka (Pvt) Ltd සහ එහි මව් සමාගම වන චීනයේ සහ සිංගප්පූරුවේ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර Sinopec දේශීය සිල්ලර පෙට්‍රෝලියම් වෙළඳපොළට පිවිසීම සඳහා වන ගිවිසුම 22 වැනිදා පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී අත්සන් කරන ලදී.

Share this: