ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ රජික කොඩිතුවක්කු මහතා පැවසුවේ, උපවාසයේ නිරත වී සිටි මාර්ග සංවර්ධන අධිකාරියේ රැකියා අහිමි වූ පුද්ගලයින් 130 දෙනාට ස්ථීර පත්වීම් ලබාදුන් බවයි.
ස්ථිර පත්වීම් ලබාදෙනතුරු අදාළ සේවකයින් පිරිස දින 48ක් පුරා බත්තරමුල්ල අදාළ අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවී සිටි අතර, පසුගිය දින එම පිරිස විරෝධතාවයේ නියැලී සිටි ස්ථානයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොස් අදාළ ස්ථීර පත්වීම් ලබාදෙන බව පොරොන්දු විය.
නමුත් එම පිරිස සඳහන් කර සිටියේ පත්වීම් ලබා දුන් පසු උපවාසය අතහැර රැකියා වලට පිටත් වන බවයි.
ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ රජික කොඩිතුවක්කු මහතා කියා සිටියේ, සේවකයින් 130 දෙනෙකුට ස්ථීර පත්වීම් ලිපි ඔවුන් වර්ජනයේ නියැලි සිටින ස්ථානයටම ගොස් තමා විසින් ලබා දුන් බවයි.
Share this: