QR කෝටාව නැති ඉන්ධන පිරවුම්හල් 40ක බලපත්‍ර අත්හිටුවයි

QR කෝටාව නැති ඉන්ධන පිරවුම්හල් 40ක බලපත්‍ර අත්හිටුවයි

QR ඉන්ධන කෝටාව අඛණ්ඩව ක්‍රියාත්මක නොකළ ඉන්ධන පිරවුම්හල් 40ක බලපත්‍ර අත්හිටුවීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

මේ අතර, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය විජේසේකර මහතා, සියලුම ඉන්ධන පිරවුම්හල්වල තොග ටැංකි ධාරිතාවයෙන් අවම වශයෙන් 50%ක් පවත්වා ගැනීමට අවශ්‍ය වන බවත්, අප්‍රේල් 15 වනදා වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් (CPC) සතු සියලුම ඉන්ධන ටැංකි සඳහා GPS ලුහුබැඳීමේ පද්ධති සවි කරන බවත් සමාලෝචනය කළේය.

ඊයේ (අප්‍රේල් 06) පෙරවරුවේ CPC සහ Ceylon Petroleum Storage Terminals Limited (CPSTL) කළමනාකාරීත්වය සහ එහි නිලධාරීන් සමඟ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අදාළ තීරණවලට එළඹ ඇත.

තවද, ඉදිරි සති 08 සඳහා වන ඉන්ධන භාණ්ඩ ප්‍රවාහන සැලැස්ම, පිරිපහදු මෙහෙයුම් සහ උත්සව සමයේ ඉන්ධන බෙදා හැරීම පිළිබඳව මෙම රැස්වීමේදී සමාලෝචනය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Share this: