Port City වාර්තාවේ අඩුපාඩු රැසක්

Port City වාර්තාවේ අඩුපාඩු රැසක්

වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මීට පෙර මධ්‍යම පරිසර අධිකාරිය වාර්තවාක් නිකුත් කර ඇති අතර එහි අඩුපාඩු රැසක් පවතින බවට චෝදනා එල්ල වී තිබේ.

එබැවින්, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හෙවත් Port City සම්බන්ධයෙන් නිකුත් කර ඇති පරිසර වාර්තාවේ අඩුපාඩු සකස් කර නැවත නිකුත් කිරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

එම අමාත්‍යංශය පැවසුවේ එම වාර්තාව සම්බන්ධයෙන් වරාය අධිකාරිය හා එම ව්‍යාපෘතියට සම්බන්ධ සියලු ආයතන සමග සාකච්ඡා කරමින් පවතින බවයි.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පැවසුවේ, එයට මුළික හේතුව වී තිබෙන්නේ අදාළ වාර්තාව සැකසීම සඳහා වරාය අධිකාරියෙන් දත්ත ලබා නොදීම බවයි.

Share this: