‘port city ව්‍යාපෘතිය නැවතුනහොත් එය රටට සිදුවන අපරාධයක්‘ – හිටපු ජනපති

‘port city ව්‍යාපෘතිය නැවතුනහොත් එය රටට සිදුවන අපරාධයක්‘ – හිටපු ජනපති

හිටපු ජනාධිපති, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, රටෙහි සිදුවන සියළුම සංවර්ධනයන් නතර වී ඇති බවත්, යම් හෙයකින් port city ව්‍යාපෘතිය නැවතුනහොත් එය රටට සිදුවන අපරාධයක් බවත්ය.

එහෙයින් අවුරුදු 200කට රට නැවත පසුපසට යාහැකි බවත් සියළු සංවර්ධන කටයුතු නතර කිරීම තුළින් ඇතිවිය හැකි ප්‍රතිඵලය පිළිබඳ අවබෝධයක් ලබා ගතයුතු බවත් රාජපක්ෂ මහතා කියාසිටියේය.
ඒ අතර හිටපු ජනාධිපතිවරයා ඊයේ (12) පෙරවරුවේ මිහින්තලේ රජමහා විහාරයද වැඳපුදා ගත්තේ ය. තවද, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය.

Share this: