සුජීවගේ පෙත්සම ඉදිරියට

සුජීවගේ පෙත්සම ඉදිරියට

නව රජයේ ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා පිළිබඳ වත්මන් රාජ්‍ය අමාත්‍ය වරයෙකු වන සූජීව සේනසිංහ මහතා විසින් මීට පෙර ඉදිරිපත් කර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරියට ගෙන යාමට කොළඹ මහාධිකරණය තීන්දු කර තිබේ.

එනම් පසුගිය මැතිවරණ සමයේ හෝමාගම ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරී කටයුතුවලට බාධා කළ බවට චෝදනා කරමින් සූජීව සේනසිංහ මහතාට එරෙහිව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබුනු නඩුවක් වේ.

ඒ අනුව අදාළ නඩුව මගින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව පවසමින් එය අත්හිටුවන ලෙස ඉල්ලා සූජීව සේනසිංහ මහතා විසින් කොළඹ මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබු අතර එය අද දින විභාගයට ගෙන තිබේ.

තවද නඩුව අද කැඳවු අවස්ථාවේ හෝමාගම පොලීසිය විසින් ගොනුකළ නඩුව තවදුරටත් ඉදිරියට ගෙනයාම මහාධිකරණය විසින් අත්හිටුවා ඇති අතර සූජීව සේනසිංහ මහතා ඉදිරිපත් කළ පෙත්සම තවදුරටත් ඉදිරියට ගෙන යාමට මහාධිකරණය තීරණය කර ඇත.

Share this: