OICට අල්ලස් දිමට තැත්කල 2ක් අතටම අසුවේ

OICට අල්ලස් දිමට තැත්කල 2ක් අතටම අසුවේ

අද දහවල් (8) සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිට ලක්ෂ 15ක අල්ලසක් දීමට තැත්කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මහර බන්ධනාගාර රථ ගාලේදී වත්තල ව්‍යාපාරිකයෙකු ඝාතන සිද්ධියකට දැනට රිමාන්ඩ් භාරයේ සිටින වත්තල හිටපු උප නගරාධිපති නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය සහය ගැනීමට මෙම රුපියල් ලක්ෂ 15ක මුදලක් දීමට තැත්කර ඇත.

ඒ අනුව එම අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් ඔවූන්ව අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු නගරාධිපතිගේ මස්සිනා කෙනෙකු හා තවත් අයෙකු වන අතර, ඔවුන් රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබාදීමට තැත් කර ඇත්තේ සපුගස්කන්ද පොලිසියේ ප්‍රධාන පරීක්ෂක පී.ජී.එස්.ආර්.සංජීව මහතාටය.

තවද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

Share this: