වාර්තා වෙන අන්දමට ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් පවසා ඇත්තේ, රුසියාව තුළ ක‍්‍රියාත්මක වන විදෙස් ඒජන්ත පණත සඳහා සංශෝධන එක්කළ යුතු බවට වන යෝජනා පිළිගත හැකි වුවත් එහි අවශ්‍යතාවය ඉතාමත් පැහැදිලිව දක්නට හැකි බවයි.
තවද, 2012දී සම්මත කරන ලද මෙම පණත විසින් විදෙස් රටවලින් අරමුදල් ලබාගන්නා හා රුසියානු දේශපාලනයට සබැඳියාවක් සහිත රාජ්‍ය නොවන සංවිධාන විදෙස් ඒජන්තයින් ලෙස නම් කරනු ලැබිණි.
ඒ අනුව ඔහු පවසන අන්දමට රුසියානු පුරවැසියන්ට හා සංවිධානවලට පක්‍ෂපාතීව කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන වලට මෙම නීතිය මගින් හානි සිදුවන බවට වන චෝදනා පිළිගත යුතු වන බවයි.
රුසියානු පොදු සභාවේ සාමාජිකත්වය අමතමින් රුසියානු ජනාධිපතිවරයා මේ අදහස් දක්වා තිබෙන අතර, කෙසේවෙතත් විදෙස් ඒජන්ත පණත විසින් බලාපොරොත්තුවූ කාර්යභාරය එයට ඉටුකළ හැකි බවට පසුගියදා ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් පාරිභෝගික අයිතීන් ආරක්‍ෂණය පිළිබඳ සංගමයට අදාළ සිදුවීම දැක්විය හැකි බව ඔහු පවසා ඇත.
එම සංගමයේ වෙබ් අඩවිය විසින් ක‍්‍රිමියාවේ සංචාරය කිරීමට පෙර යුක්රේන බලධාරීන්ගෙන් අවසර ගත යුතු බව රුසියානු පුරවැසියන්ට අනතුරු හගවා ඇත.
මෙය සිදුනොකරන පුද්ගලයන් ෂෙන්ගෙන් රාජ්‍යයන් වෙත ලබාගන්නා සංචාරක වීසා තහනම් කරනු ලැබීමට පාත‍්‍ර විය හැකි බවද පාරිභෝගික අයිතීන් ආරක්‍ෂණය පිළිබඳ සංගමය විසින් පවසා තිබුණු අතර, පුටින් පවසා ඇත්තේ මෙම හැසිරීම පැහැදිලිවම රුසියානු පුරවැසියන්ට නොව විදෙස් රාජ්‍යයන්ට පක්‍ෂපාතී ලෙස හැසිරීමක් බවයි.