MH 370ව සෙවීමේ අතහැර නොදමයී – අතුරුදන් වී අදට වසරයි

MH 370ව සෙවීමේ අතහැර නොදමයී – අතුරුදන් වී අදට වසරයි

අතුරුදන් වූ එම් එච් 370ව මැලේසියානු ගුවන් යානය සොයා ගන්නා බවටත් එම මෙහෙයුම් නතර කර නොමැති බවටත් මැලේසියානු ප්‍රවාහන අමාත්‍ය  පවසයි.

අදින් (08) වසරකට පෙර යානය අතුරුදන් විය.

යානය අතුරුදන්වී වසරක් සපිරීම නිමිත්තෙන් මැලේයාසියානු ගුවන් සේවය සිය මූලස්ථානයේ දී අනුස්මරණ උත්සවයක් ද සංවිධාන කර ඇත.

මගීන් 239දෙනෙකු හා කාර්ය මණ්ඩලය රැගත් ගුවන් යානය අතුරුදන් වූයේ ක්වාලාලාම්පූර් නුවර සිට චීනයේ බෙයිජිං දක්වා පියාසර කරමින් තිබෙන අතර තුර 2014 වසරේ මාර්තු 08වනදා මෙම ගුවන් යානය අතුරුදන් විය.

යානය සොයා ඉන්දියන් සාගරයේ කිලෝමීටර 1,600ක ප්‍රදේශයක් පුරා මෙහෙයුම් ක්‍රියාත්මකය. එම සෙවීමේ මෙහෙහුම් කටයුතු සඳහා ඕස්ට්‍රේලියාව නායකත්වය සපයනු ලැබේ. යානයේ සුන්බුන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව මැලේසියානු ප්‍රවාහන අමාත්‍ය ලිඕ ටියොන්ග් ලී බීබීසී පුවත් සේවයට සඳහන් කර ඇත.

සෝදිසි මෙහෙයුම් සම්බන්ධ වාර්තාවක් මෙම සති අන්තයේ දී නිකුත් කිරීමට ද නියමිතය.

Share this: