ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20ක්‍රිකට් තරගාවලියේන් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම දෙවන වරටත් කුසලානය දිනා ගෙන ඇත.
ඊයේ (24) පැවති අවසන් තරගයේදී ලකුණු 41න් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඔවුන් හමුවේ පරාජයට පත් වූයේය. පන්දුවාර 20 අවසානයේදී මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 202ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 161ක් පමණි.
මේ අනුව මුම්බායි ඉන්ඩියන්ස් පිලට දෙවන වරටත් IPL කුසලානය දිනා ගෙන ඇත.
Share this: