IPL තරඟ සඳහා ලාංකික ක්‍රීඩකයින් නැහැ

IPL තරඟ සඳහා ලාංකික ක්‍රීඩකයින් නැහැ

ආරක්‍ෂක හේතූන් මත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ චෙන්නායි හි පැවැත්වෙන තරඟ සඳහා මෙවරත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඇතුළත් කර නොගනු ඇතැයි විශ්වාසදායී තොරතුරු ලැබී ඇත.

ඉන්දීය ආරක්‍ෂක අංශ විසින් තමිල්නාඩු ක්‍රිකට් සංගමයට (TNCA) දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින්ගේ ආරක්‍ෂාවට තර්ජන එල්ල විය හැකි බැවින් චෙන්නායි හි පැවැත්වෙන ප්‍රිමියර් ලීග් තරඟ සඳහා ලාංකික ක්‍රීඩකයින් ඇතුලත් කර නොගන්නා ලෙසයි.

පසුගිය වකවානුව තුළ ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයේ අවසන් සමයේ දෙමළ වැසියනට සිදුවූවායැයි කියැවෙන මානව අයිතීන් කඩවීම් සම්බන්ධයෙන් වූ සිද්ධීන් මුල් කර ගනිමින් දෙමළ වැසියන් බහුතරයක් වෙසෙන චෙන්නායි හීදී ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින්ට යම් බලපෑමක් ඇතිවිය හැකි බවට ආරක්‍ෂක අංශ අනතුරු අඟවා ඇත.

Share this: