ශ්‍රී ලංකාව සඳහා SDR බිලියන 2.286 (ආසන්න වශයෙන් USD බිලියන 3) ක විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහන යටතේ IMF සහාය ලබන මාස 48 ක දීර්ඝ වැඩපිළිවෙල පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් අද (21) උදෑසන පැවැත්විණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අද ප්‍රකාශ කළේ තමන් පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලියට මැදිහත් නොවූ බවත් ශ්‍රී ලංකාවේ එම මැතිවරණ කල් දැමීමට කිසිවිටෙක නිර්දේශ නොකළ බවත් ය.
මූල්‍ය අරමුදල පවසන්නේ මෙම ණය මුදලේ පළමු වාරිකය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බවයි. ශ්‍රී ලංකාවට වහාම ඩොලර් මිලියන 333 ක මූලික ගෙවීමක් ලැබෙනු ඇත.
IMF පවසන්නේ මුදල් ලබා දීම රුපියල් බවට පරිවර්තනය කළ හැකි අතර රජයේ ණය සහ අනෙකුත් වියදම් ගෙවීමට එම අරමුදල් භාවිතා කළ හැකි බවයි.
Share this: