ශ්‍රී ලංකාවේ ණය හිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර තීරණාත්මක සාකච්ඡාවක් ලබන නොවැම්බර් 03 වනදා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ලංකා නව නේවාසික නියෝජිත සර්වත් ජහාන් (Sarwat Jahan), ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත ටුබගස් ෆෙරිධනුසෙට්‍යාවන් (Tubagus Feridhanusetyawan) යන මහත්ම මහත්මීන් අතර හමුවක් 27වන දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පූර්ව ක්‍රියාමාර්ග පිළිබඳ සහ ණය හිමියන්ගේ සමුළුව පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී ඇත.
Share this: