IMF ගිවිසුම පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

IMF ගිවිසුම පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනාව අප්‍රේල් 28 වැනිදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

අප්‍රේල් 26 සිට 28 දක්වා දින තුනක විවාදයකින් පසු IMF සහාය දක්වන වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනාවට මන්ත්‍රීවරු ඡන්දය දුන්හ.

යෝජනාවට පක්ෂව මන්ත්‍රීවරුන් 120ක් ඡන්දය දුන් අතර විපක්ෂව ඡන්ද 25ක් ලැබිණි. ඒ අනුව වැඩි ඡන්ද 95 කින් යෝජනාව සම්මත විය.

Share this: