IMF ගිවිසුම ගැන මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය ලබා ගැනීමට යයි

IMF ගිවිසුම ගැන මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය ලබා ගැනීමට යයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමඟ ඇතිකරගත් විස්තීරණ අරමුදල් පහසුකම (EFF) ගිවිසුමේ ප්‍රධාන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

අප්‍රේල් 17 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම යෝජනාවට අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා අප්‍රේල් 18 වැනිදා කොළඹ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී පැවසීය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය ලබාගෙන ඔවුන් ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට ඇතුළත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අනුමැතිය හිමිව තිබේ.

Share this: