අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂ ඩේවිඩ් රිචඩ්සන් මහතා ලිපියකින් දැන්ව සිටින්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු පාලන කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් තමන් විමසිල්ලෙන් සිටින බවයි.
තවද, ක්‍රිකට් පරිපාලනයේ කටයුතුවලට බලපෑම් කර ඇති බවට තහවුරු වුවහොත් ශ්‍රී ලංකාව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් හිමිවන වරප්‍රසාද ශ්‍රී ලංකාවට අහිමි වීමට ද ඉඩ තිබෙන බවයි.
නමුත් නිලවරණයෙන් පත්වු නිලධාරීන්ගේ කිසියම් වරදක් ඇත්නම් එය විමර්ශනය කිරීමට ශ්‍රී ලංකාවට අයිතියක් පවතින බවද අදාළ ලිපියෙන් පෙන්වා දී ඇති අතර, අතුරු පාලන කමිටුවක්පත් කිරීම දේශපාලනික ඇඟිලි ගැසීමක් බවට පෙනී ගිය හොත් තමන් එය අනුමත නොකරන බවද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දී ඇත.
Share this: