HIV වෛරසය නිසාවෙන් ලොවපුරා පුද්ගලයන් මිලියන 40.1කට දිවි අහිමි වී තිබේ!

HIV වෛරසය නිසාවෙන් ලොවපුරා පුද්ගලයන් මිලියන 40.1කට දිවි අහිමි වී තිබේ!

ලොවපුරා පුද්ගලයින් මිලියන 40.1ක පිරිසක් HIV වෛරසය මගින් ඇති කරන ඒඩ්ස් රෝගය හේතුවෙන් මේ වන විට මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

මරණ සංඛ්‍යාව 650,000ක් 2021 වසර තුළ වාර්තා වී ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.

පුද්ගලයින් මිලියන 2ක පිරිසක් 2004 වසරේ දී HIV ආසාදනයෙන් මියගොස් තිබූ අතර මිලියන 1.4ක් 2010 වසරේ දී මියගිය ගොස් තිබුණි.

HIV ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 38.4ක් ලෙස 2021 වසර අවසන් වනවිට හඳුනාගෙන ඇති අතර ඉන් 2/3 අප්‍රිකානු රටවලින් හදුනාගෙන තිබේ.

1988 වසරේ දී සෑම වසරකම දෙසැම්බර් මස 01 දිනය ලෝක ඒඩ්ස් දිනය ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගනු ලැබීය.

Share this: