Google හි නව මුහුණවර

Google හි නව මුහුණවර

ලොව ප්‍රකට Google සෙවුම් යන්ත්‍රය විසින් වර්ණ හතරකින් යුතු නව ලාංඡනයක් එළිදක්වා තිබෙන අතර Google සෙවුම් යන්ත්‍රයට පිවිසෙන විට පැරණි ලාංඡනය මැකී නව ලාංඡනය දිස්වන ආකාරය මේ වනවිට දැකගත හැකිය.

පසුගිය වසර 17 තුළ සමාගම බොහෝ දේවල් වෙනස් කළ බවත්, ජංගම දුරකතනය තුළින් ගූගල් වෙත පිවිසෙන ප්‍රජාවට වඩාත් පහසුවීම සඳහා මෙම නව ලාංඡනය හඳුන්වා දී තිබෙන බවත් සඳහන්ය.

මේ වන විට බොහෝ පිරිසක් ජංගම දුරකතනයෙන් google භාවිතා කරන බවත්,සියලුම යනගම දුරකථන ,පරිගණක,TABs,iPads ආදී සියලු උපාංග සඳහා මෙම නව මුහුණුවර ඉතා හොදින් ක්‍රියා කරන බව ඔවුන් පෙන්වා දෙයි.

Share this: