මිල අඩු කිරීමට අදාළ ඖෂධ ලැයිස්තුවක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙස අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර ඇති බව රජයේ වෛද්‍ය කාර්ය මණ්ඩල සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, රජයේ වෛද්‍ය කාර්ය මණ්ඩල සංගමය සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන් බවයි.
Political
Political news in Sri Lanka and around the world
විදුලි බිල වැඩි කරේ නැත්තන් ඉදිරියේදීත් අදුරේ ඉන්න වෙයි! – ඇමති කංචන
විදුලි බිල වැඩි නොකළහොත් සදහා පැය කිහිපයක් විදුලිය විසන්ධි වීමට ජනතාවට පුරුදු වීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ පසුගිය පාඩු පියවා ගැනීමට විදුලි බිල වැඩි කරන බවට චෝදනා එල්ල වන නමුත් එවැනි තීරණයක් […]
ආගමික සිද්ධස්ථානවලට නොමිලේ සූර්ය බලශක්ති උත්පාදක යන්ත්‍ර ලබාදෙන්න සුදානම් වෙයි!
සෑම ආගමික සිද්ධස්ථානයකටම කිලෝවොට් 5 ක සූර්ය බලශක්ති උත්පාදක යන්ත්‍රයක් නොමිලේ ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉන්දීය ණය සහනාධාරය යටතේ මෙම සූර්යබල ස්ථාපනයන් මාස තුනක් ඇතුළත ලබාදීමට කටයුතු කරන බවයි.
ගෝඨා හදිස්සියේ ඇමෙරිකා යයි!
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිවයිනෙන් පිටත්ව ගියේය. ආරංචි මාර්ගවලට අනුව ඔහු සිය පවුලේ අය සමඟ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇත. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ ඥාතීන් කටුනායක සිට ඩුබායි බලා ගොස් ඇමෙරිකාවට ගිය බව වාර්තා වෙයි.
ආශු මාරසිංහගේ වීඩියෝව නිසා සමාජ මාධ්‍ය කැළබෙයි!
හිටපු ජනාධිපති උපදේශකවරයෙකු වන ආශු මාරසිංහ මහතාගේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවකට ඔහු ප්‍රතිචාර දක්වා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඔහු මාධ්‍ය වෙත තම අදහස් දැක්විය. “ඒක නීතිය ඉදිරියේ තියෙන දෙයක්. ඒක බොරු දෙයක්. ඒක නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. මගේ නීතිඥවරු ඒ ගැන කතා කරයි.”
රාජ්‍ය සේවකයන්ට ප්‍රසාද දීමනා චක්‍රලේඛයක්!
රජයේ සේවකයන්ට නිවාඩු ප්‍රසාද දීමනා සහ දීමනා ලබාදීම සම්බන්ධයෙන් චක්‍රලේඛ දෙකක් නිකුත් කර තිබෙනවා. ඊට අදාළ චක්‍රලේඛය භාණ්ඩාගාර ලේකම්වරයා විසින් අත්සන් කර නිකුත් කර ඇත.
රනිල්ගේ ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකාව ගෝලීය අගයදාමයට සම්බන්ධ කිරීම සඳහා ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයක් (ITO) ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට තීරණය කර ඇත. ජාත්‍යන්තර වෙළෙඳ ආයතනවල දුර්වලතා මඟහරවා ගනිමින් අදාළ සියලු ආයතන සම්බන්ධීකරණය කරමින් රටේ ආර්ථිකයට ජාත්‍යන්තර වෙළෙඳ ක්ෂේත්රයේ උපරිම දායකත්වය ලබා ගැනීමට හැකි වන පරිදි කටයුතු වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමට මෙම […]
ශ්‍රී ලංකා පොලිසියට ජීප් රථ 500ක්!
ශ්‍රී ලංකා පොලිසියට ජීප් රථ 500ක් ලබාදීමට සැලසුම් කර ඇති අතර පළමු කණ්ඩායම ලෙස ඊයේ (22) නව ජීප් රථ 125ක් පිරිනැමිණි. මෙම ජීප් රථ සඳහා ඉන්දියානු ණය ආධාර ලබා දෙයි. මෙම උත්සවය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින් ජීප් රථ ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් […]
ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු බිලියන 8ක් ලබන සතියේ ගොවීන්ට!
ශ්‍රී ලංකාවේ ගොවි පවුල් ලක්ෂ 12කට ආධාර ලබාදීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් බිලියන 8ක් ලබාදී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව මෙම ප්රදානය ලැබුණු බවයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන පරිදි හෙක්ටයාරයකින් අඩු අස්වැන්නක් ලබා ගන්නා ගොවීන්ට රුපියල් 10,000ක් සහ හෙක්ටයාරයකට වැඩි අස්වැන්නක් ලබන ගොවීන්ට රුපියල් 20,000ක් හිමි […]
ලබන අවුරුද්දේ ජනවාරි මාසයේදී විදුලිබිල ඉහළට!
එළඹෙන ජනවාරි මාසයේ සිට විදුලි බිල නැවත ඉහළදැමීමට පියවර ගන්නා බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.