medicine

කොළඹින් ආසාදිතයින් 271ක්

කොළඹින් ආසාදිතයින් 271ක්

ගෙවුණු පැය 24 තුල කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 271 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් වාර්තා වීම මෙය බව සඳහන්.

රජය කොරෝනා ගැන තොරතුරු ජනතාවගෙන් සඟවනවාද?

රජය කොරෝනා ගැන තොරතුරු ජනතාවගෙන් සඟවනවාද?

රජය කිසිවිටෙක පවතින වාතාවරණ පිළිබඳ තොරතුරු සඟවන්නේ නැති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසනවා. අද උදෑසන රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා. විවිධ මාධ්‍ය වාර්තා හා රජය මගින් ලබාදෙන තොරතුරු අතර යම් පරස්පරතාවක පවතින බවත් මේ හේතුවෙන් රජය ජනතාවගෙන් තොරතුරු සඟවනවාද යන්න මෙහිදී හමුදාපතිවරයාගෙන් මාධ්‍යවේදියා ප්‍රශ්න කළා. ඊටපිළිතුරු දෙමෙන් හමුදාපතිවරයා පැවසුවේ,රජය කිසිවිටෙක බොරුවක් හෝ තොරතුරු […]

වරායන් ආශ්‍රිතව කොරෝනා ආසාදිත 78ක්

වරායන් ආශ්‍රිතව කොරෝනා ආසාදිත 78ක්

කොළඹ වරාය හා චීන වරාය ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් 78 ක් හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව කොළඹ වරායෙන් ආසාදිතයින් 31 දෙනෙකු හා චීන වරායෙන් ආසාදිතයින් 47 දෙනෙකු හඳුනාගත් බවයි මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.

පුටින්ගේ ගමන නවතින ලකුණු

පුටින්ගේ ගමන නවතින ලකුණු

සිය සෞඛ්‍ය තත්ත්වය තදබල ලෙස පිරිහීම නිසා ලබන වසරේදී ජනාධිපති තනතුර හැර යෑමට රුසියානු නායක ව්ලද්මීර් පුටින් අදහස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු පාකින්සන් රෝගයෙන් පෙළෙන බව පුටින්ගේ සමීපතමයන් මඟින් හෙළි වී ඇති බවයි එම මාධ්‍ය වාර්තා පේනවා දෙන්නේ. ඉහත රෝගී තත්ත්වය නිසා 68 වැනි වියේ පසුවන රුසියානු නායකයා අත් වෙව්ලීම, පය පැකිළීම […]

බස්නාහිර පළාතෙන් පිටවීම තහනම්

බස්නාහිර පළාතෙන් පිටවීම තහනම්

එලඹෙන 15වනදා දක්වා කිසිදු පුද්ගලයෙක්ට බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් බව යුධ හමුදාපතිවරයා විසින් විශේෂ නිවේදනයක් සිදු කර තිබෙනවා. මේ මොහොතේ සිට එලඹෙන 15වනදා දක්වා කිසිදු බස් රථයකට බස්නාහිර පළාතෙන් පිටවීම හෝ පළාතට ඇතුළුවීම තහනම් බව ජාතික ගමනාගමන මණ්ඩලය නිවේදනය කරනවා. 2020/11/11 රාත්‍රී 10 සිට 15 වැනිදා දක්වා දුම්රිය වලට බස්නාහිර පළාතට ඇතුළු වීමට අවසර ලබා […]

මරදාන කාර්ගීල්ස් වෙළඳ සංකීර්ණයේ සේවකයෙකුට කොරෝනා

මරදාන කාර්ගීල්ස් වෙළඳ සංකීර්ණයේ සේවකයෙකුට කොරෝනා

මරදාන කාර්ගීල්ස් වෙළඳ සංකීර්ණයේ සේවය කල අයෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා. තම නිළ ෆේස්බුක් පිටුවේ නිවේදනයක් තබමින් ඔවුන් ඒ බව තහවුරු කරනවා.

මෙරට ප්‍රධාන දමිළ ගුවන්විදුලි නාලිකාවක සාමාජිකයින් 4 ට කොරෝනා

මෙරට ප්‍රධාන දමිළ ගුවන්විදුලි නාලිකාවක සාමාජිකයින් 4 ට කොරෝනා

මෙරට ප්‍රධාන දමිළ ගුවන්විදුලි නාලිකාවක සාමාජිකයින් 4 දෙනෙකු කොරෝනා අසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. සේවකයින් අතරින් එක් අයෙකු ඊයේ ආසාදනය වී ඇති අතර ඉතිරි තිදෙනා අද (11) අසාදනය වී තිබෙනවා. කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 35 මහලේ අදාළ ගුවන්විදුලි නාලිකාව පැවති ස්ථානය මේ වන විට හුදෙකලා කර ඇති බවයි Citizen […]

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ 30,000 ක් කොරෝනා අසාදිතයන් විය හැකියි

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ 30,000 ක් කොරෝනා අසාදිතයන් විය හැකියි

කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් ගණන 30,000 පමණ විය හැකි බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි පවසනවා. අද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු පැවසුවේ නගරයේ සිදු කළ අහඹු පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව මෙම නිගමනයට එලැඹි බවයි. වැඩිදුරටත් අඳහස් දැක්වූ කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි, ” කොළඹ […]

නිරෝධායන ඇඳිරි නීතිය සහ හුදෙකලා කිරීම

නිරෝධායන ඇඳිරි නීතිය සහ හුදෙකලා කිරීම

නිරෝධායන ඇඳිරි නීතිය සහ හුදෙකලා කිරීම (lockdown) අතර ඇති වෙනස පිළිබඳව බොහෝ දෙනෙකුට ගැටලු මතු වී තිබෙන ගැටළුවක්. පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඒ පිළිබඳව යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැහැදිලි කිරීමක් කළා. ඒ අනුව, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල යම් […]

භයානක ප්‍රවණතාවක් ගැන හරිත අලුත්ගේ පැහැදිලි කරයි

භයානක ප්‍රවණතාවක් ගැන හරිත අලුත්ගේ පැහැදිලි කරයි

මිනුවන්ගොඩ පොකුර ආරම්භ වන විට එම මාස 9 තුළ වාර්තා වී තිබුනේ මෙරට කොවිඩ් මරණ 13 පමණක් බවත් , නමුත් පසුගිය සති 3ක් වැනි කෙටි කාලයකදී මේ වන විට මරණ 22ක් වාර්තා වී තිබෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ පෙන්වා දෙන්නේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යංශ නිකුත් කර තිබෙන දත්ත අනුව […]