Gossips

Hot gossips around the country.

රන්ජන් වැසිකිළි පුටුවක් ඉල්ලයි

රන්ජන් වැසිකිළි පුටුවක් ඉල්ලයි

තමන්ට මෙට්ටයක්, මේසයක් හා වැසිකිළි පුටුවක් ලබාදෙන ලෙස මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් ඉල්ලා ඇති නමුත් රෝහල් බලධාරීන් ඊට අනුමැතිය ලබාදී නොමැති බව වාර්තා වනවා. රාමනායක මහතා කිසිදු රෝගී තත්ත්වයකින් නොපෙළෙන බවට ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බැවින් ඔහුට එකී උපකරණ ලබාගැනීමට අනුමැතිය හිමිව නැති බවද රෝහල් […]

වඳවී ගිය බවට සැළකුණු ශ්‍රී ලංකාවේ කළු කොටියා

වඳවී ගිය බවට සැළකුණු ශ්‍රී ලංකාවේ කළු කොටියා

වඳවී ගිය බවට සැළකුණු ශ්‍රී ලංකාවේ කළු කොටියා (Sri Lankan Black Panther) තවමත් ජීවත්වන බව තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා වනජීවි දෙපාර්තමේන්තුව සමත්වී තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ කළු කොටියෙකු කැමරාවක සටහන් කරගත් පළමු අවස්ථාව ලෙස සැළකිය හැකියි. ලොව වෙසෙන කොටි වර්ග 8 ක් අතුරින් ශ්‍රී ලංකාවේ කොටියා නැමති උපවිශේෂය සුවිශේෂී වන්නේ ඔවුන්ගේ ඉතාමත් සීමිත ගහණය […]

රන්ජන්ගේ හඬපට ගැන සොයන්න සිංගප්පුරුවෙන් විශේෂ යන්ත්‍ර ගෙනෙයි

රන්ජන්ගේ හඬපට ගැන සොයන්න සිංගප්පුරුවෙන් විශේෂ යන්ත්‍ර ගෙනෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක ගේ දුරකථන හඬ පට විමර්ශනය කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් පහසුකම් නොමැති බව වාර්තා වනවා. ඉකුත්දා මාදිවෙල පිහිටි රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාගේ නිවෙසේ තිබී පොලිසිය විසින් සොයා ගනු ලැබූ දුරකථන සංවාද 120,000 කට අධික ප්‍රමාණයක් ඇති බවයි වාර්තා වන්නේ. මෙම දුරකථන සංවාද විශේෂණය කිරිම සඳහා අවශ්‍ය ධාරිතාවයෙන් යුත් උපකරණ පොලිස් දෙපාර්තමේන්තුව සතුව නොමැති […]

සාර්ස් වර්ගයේ තවත් වයිරසයක් චීනයෙන් පැතිරේ – ශ්‍රී ලංකාවටත් අනතුරු ඇඟවීම්!

සාර්ස් වර්ගයේ තවත් වයිරසයක් චීනයෙන් පැතිරේ – ශ්‍රී ලංකාවටත් අනතුරු ඇඟවීම්!

Wuhan pneumonia ලෙස හැඳින්වෙන ” සාර්ස්” වර්ගයේ වෛරසය මෙරට තුළ පැතිරීම වැලැක්වීමට පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට දැනුම් දී තිබෙනවා. ඒ අදාල වෛරසය වැළඳුණු දෙවන පුද්ගලයාත් චීනයෙන් පිටතදී මියයාමත් සමගයි. පසුගිය දෙසැම්බර් මාසයේ දී මෙම වෛරසය චීනයේ වුහාන් (Wuhan) ප්‍රදේශයෙන් වාර්තා වුණා. මේ වනවිට පුද්ගලයින් කීප දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇති අතර […]

චන්ද්‍රිකාට අත්තනගල්ලත් නැති වෙයි

චන්ද්‍රිකාට අත්තනගල්ලත් නැති වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ධුරයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉවත් කිරීමට ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. චන්ද්‍රිකා මහත්මිය ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කළ ද, ඇයගේ අනුශාසක ධුරය තවදුරටත් පවතින බවත් අත්තනගල්ල ආසනයේ වැඩ බලන සංවිධායක ලෙස රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් කටයුතු රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න […]

නීතිඥ මඬුල්ලේ ඉල්ලීම ඉවතට “රන්ජන්ට ඇප නෑ”

නීතිඥ මඬුල්ලේ ඉල්ලීම ඉවතට “රන්ජන්ට ඇප නෑ”

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ නිත්‍යනුකූලව නොවන අයුරින් බවත් ඒ අනුව ඔහු ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල සිදු කළ ඉල්ලීම නුගේගොඩ මහේස්ත්‍රාත් හර්ෂ පැල්පොල මහතා අද (17) ප්‍රතික්ෂේප කළේය. කුමන අයුරකින් සිදු කළ වරදක් සම්බන්ධයෙන් වුවද වරෙන්තුවක් ලබා ගැනීමට මෙන්ම නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත් අධිකරණයට […]

‘එජාප නව නායකයා ගැන 2022 න් පස්සේ විමසන්න’

‘එජාප නව නායකයා ගැන 2022 න් පස්සේ විමසන්න’

එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වයක් පිළිබඳව 2022, 2023 , 2024 වසර වලදී සළකා බලන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී කියා සිටියේ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 2025 වසරේ දී තමන් ඡන්දය නොඉල්ලන බව ද ඔහු එහි දී සඳහන් කළේ යැයි ද මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය. හර්ෂ […]

ලෝක කණ්ඩායම් දෙකේම නායකත්වය කෝලිට

ලෝක කණ්ඩායම් දෙකේම නායකත්වය කෝලිට

ඉකුත් වසරේ (2019) වාර්ෂික ක්‍රිකට් ක්‍රීඩක සම්මාන උළෙලෙට සමගාමීව අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නම් කරන ලද ලෝක එක්දින සහ ටෙස්ට් කණ්ඩායම් දෙකේම නායකත්වය ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලිට හිමිව තිබේ. නම් කරන ලද එක්දින සහ ටෙස්ට් කණ්ඩායම් දෙකටම එක් ශ්‍රී ලංකා ක්‍රීඩකයකු හෝ ඇතුළත් වී නොමැති අතර එක්දින කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩකයන් තිදෙනෙක්ද, ටෙස්ට් කණ්ඩායමට […]

‘බෙල්’ ගෙන ගිය බුදුපිළිමය වසර 100කට පසු ලංකාවට

‘බෙල්’ ගෙන ගිය බුදුපිළිමය වසර 100කට පසු ලංකාවට

ප්‍රකට පුරාවිද්‍යාඥයකු වූ එච්.සී.පී.බෙල් මහතා වසර 100කට ඉහතදී තිලිණයක් වශයෙන් ලැබී, දළඳා මාළිඟයෙන් බ්‍රිතාන්‍යයට රැගෙන ගිය බවට සැලකෙන බුදු පිළිමයක් ඔහුගේ මුණුබුරකු විසින් නැවත ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ. මෙය, බෙල් මහතා 19 වන සියවසෙහිදී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථානවල කැනීම් කරමින් සිටි කාලයේ, විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ගිය අවස්ථාවක ඔහුට ලැබුණු බුදු පිළිමයක් […]

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් පිළිකා රෝහල් හදනවාට වඩා කිරිපිටි ප‍්‍රචාරයෙන් වැළකී ඉන්නවා නම් රටේ ජනතාවට විශාල සේවයක්

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් පිළිකා රෝහල් හදනවාට වඩා කිරිපිටි ප‍්‍රචාරයෙන් වැළකී ඉන්නවා නම් රටේ ජනතාවට විශාල සේවයක්

වෛද්‍ය නිලධාරි සංගමයේ ස/ ලේකම් නවීන්ද සොයිසා ආනයනික කිරිපිටි හේතුවෙන් පිළිකා සෑදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා තහවුරු කර කියා සිටියදී පිළිකා රෝගීන් වෙනුවෙන් රෝහල් ඉදිකිරීමට වඩා ආනයනික කිරිපිටි ප‍්‍රචලිත කිරීමෙන් ඇතැම් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වැළකී සිටිනවා නම් එය රටේ ජනතාවට කරන විශාල සේවයක් යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහතා පෙරේදා […]